උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක්.. සර්ව ආගමික සාම සාකච්ඡාවක්..

June 27, 2018 at 8:02 am | lanka C news
උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක්.. සර්ව ආගමික සාම සාකච්ඡාවක්..

සර්ව ආගමික බැතිමතුන්ගෙන් සැදුම්ලත් උතුර දකුණ ඒකාබද්ද කිරීමේ සාම චාරික්වක් (26) උදෑසන වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ සිට දකුණ බලා නැවත පිටත් විය.

දකුණේ සිට 25 රාත්‍රියේ ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්ද සමගින් රථ පෙරහැරක් සමගින් සාම චාරිකාව වව්නියාවට පැමිණි අවස්ථාවේදී  පිළිගනු ලැබුවේ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ අතර පසුව උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ශ්‍රි බෝධි දක්ෂිණාරාමයේදී සර්වආගමික නායකයින් සමග සාමසාකච්ඡාවක් පැවත්වුණි.

සාම චාරිකාව පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් පූජ්‍ය කෑගල්ලේ පංඥාරාම මහාධිකරණ නායක හිමියන් කියා සිටියේ,

‘දකුණේ ජනතාව උතුරේ ජනතාව ගැනත් උතුරේ ජනතාව දකුණේ ජනතාව ගැනත් සැක සංකා තවදුරටත් නොනිමි පවතිනවා ඒ නිසා අපිට උවමනයි මේ උතුරයි දකුණයි කියන්නේ රටවල් දෙකක් නොවෙයි එකම ලංකාවක පලාත් දෙකක එකම පුරවැසියන් කියල පෙන්වන්න මේ රටේ සිටින සියලු දෙනාගේම සැක සංකා තුරන් කරලා ස්ථීරසාර සාමයක් උදාකිරීමට අවශ්‍ය නිසා තමයි අපි මේ මෙහෙයුම සාම මෙහෙයුමක් වශයෙන් සිදු කරනු ලබන්නේ.

‘මේ සාම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම රජයේ අනුග්‍රහය මෙන්ම දකුණු පලාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සහ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ යන අයගේ පූර්ණ මැදිහත්වීමෙනි.

සාම සාකච්ඡාවෙන් පසුව දැනට රෝගාතුරව සිටින උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැවේ විමලසාර හිමියන් හමුවී සර්ව ආගමික නායකයින් විසින් උන්වහන්සේට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

91 views

4 Comments to “උතුර දකුණ ඒකාබද්ධ කිරීමේ සාම චාරිකාවක්.. සර්ව ආගමික සාම සාකච්ඡාවක්..”

  1. Saman says:

    Vikaara…..

    • Amda says:

      මල සමයන්. යකෝ සන්හිඳියාව කියන්නෙ බලෙන් පොවන්න පුලුවන් දෙයක් නෙවෙයි. අර ජනතා ප්‍රසාදයට ලක් වුනු හමුදා නිලධාරියා ලව්වා දෙපැත්තෙම වැදගත් පෝස්ට් වල ඉන්න එවුන්ට ට්‍රේනින්ග් එකක් දෙන්න

  2. ExUNPer says:

    අපිට නම් උතුරේ ජනතාව ගැන විශ්වාසයි.
    ඒත් රට බෙදන්න හදන උතුරේ දේශපාලන මැට්ටො ගැන කිසිම විශ්වාසයක් නැහැ !

  3. Nimal Tissa Wijethunga says:

    The best eole and organisation for this kind of peace building or understanding developing or reconciliation is the Tri Forces of Sri Lanka and Military officers such as Col. Ravipriya Bandu.

    We have full faith on the ordinary Tamil masses of the North. But, we do not believe at all the racists thugs like Wigmeshwaran, Sivajilingam, TNA or any other individual with similar elam ideology.

Main News