උතුර නැගෙනහිරට අන්තර්වාර පාලනයක් අවශ්‍යයි..- ඇමති දේවානන්ද

August 30, 2022 at 3:20 am | lanka C news
උතුර නැගෙනහිරට අන්තර්වාර පාලනයක් අවශ්‍යයි..- ඇමති දේවානන්ද

උතුරු හා නැගෙනහිර පළාත් සභා සඳහා අන්තර් වාර පාලනයක් ඇති කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

අන්තර්වාර පාලනය සඳහා පළාත් නියෝජ්‍ය පළාත් දෙක නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම ඒකරාශී විය යුතු බවත් හෙතෙම පැවසීය.

අන්තර් වාර පාලනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින්නේ යැයිද හෙතෙම පෙන්වා දෙයි.

පලාත් සභාවේ ධූර කාලය අවසන් වී ඇති අතර මේ වනවිට එම පළාත් පවත්වාගෙන යන්නේ ආණ්ඩුකාරවරුන් විසින් බවත් පවසන අමාත්‍යවරයා ඒ හේතුවෙන් ජනතාව පිළිබඳව සාර්ථක පරිපාලන තීරණ ගැනීමට නොහැකි ව ඇතැයි ද පවසයි.

උතුරු හා නැගෙනහිර ජාතික ගැටලූවට විසඳුමක් ගෙන ඒමට අන්තර්වාර පාලනයක් ඇති කිරීමෙන් සාර්ථක ප්‍රවේශයක් ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

14,294 views

5 Comments to “උතුර නැගෙනහිරට අන්තර්වාර පාලනයක් අවශ්‍යයි..- ඇමති දේවානන්ද”

  1. කොට ඩලස් says:

    මුන්ට පොඩ්ඩක් ඇඟිල්ල දාගන්ඩ දුන්නහම ඔලුවම දාන්ඩ හදනව.

  2. පොහොට්ටු පිපී ආවා says:

    චීනයයි ඉන්දියාවයි කෑල්ල කෑල්ල කඩලා ගන්න ඵකේ, උබලත් සල්ලි දීල ගනින්.

  3. Left voter says:

    හාමුදුරුවනේ දැන්වත් කට අරින්න නැත්නම් මුං එකතුවෙලා අරගලය කට්ටියත් එක්ක එකතුවෙලා සිංහල මිනිස්සුන් වලපල්ලට යවලා තමයි පස්ස බලන්නේ.

  4. Tintin says:

    මාළු මිල අඩු කරපං. ඉන්දියා මාළු කාරයින්ට ලංකාව මුහුදට එන එක නතර කරපල්ලා.

  5. Cosmic ray says:

    උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම උසාවි නියෝගකින් වලක්වා තිබියදී දේවානන්ද මෙසේ ප්‍රකාශ කිරීම අධිකරණයට අපහස කිරීමකි. තවද13 වන සංශෝධනය මෙරට කිසිවෙකු හෝ ඉල්ලා නොමැති පසුබිමක ඉන්දියාව විසින් බලහත්කාරයෙන් ආදේශ කරන ලද්දකි. ඉන්දු ලංකා ගිවිසුමට අනුව 13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනමත විමසුමක් පැවැත්විය යුතු නමුත් මෙතෙක් එම ජනමත විමසුම සිදු කර නොමැති බැවින් 13 වන සංශෝධනයේ වලංගුභාවයක් නොමැති බව බොහෝදෙන්ක් අමතක කර ඇත

Main News