උතුර-නැගෙනහිර මහ හර්තාලයක්.. A9 පාර වහයි.. ජන ජීවිතය මුළුමනින්ම අඩාලයි.. අධිකරණ නියෝග, කදුළු ගෑස්, ජලප‍්‍රහාර නෑ..

April 27, 2017 at 10:40 am | lanka C news
උතුර-නැගෙනහිර මහ හර්තාලයක්.. A9 පාර වහයි.. ජන ජීවිතය මුළුමනින්ම අඩාලයි.. අධිකරණ නියෝග, කදුළු ගෑස්, ජලප‍්‍රහාර නෑ..

උතුර හා නැගෙනහිර දෙපලාතේ පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් ජන ජීවිතය මුළුමනින්ම පාහේ අඩාල වී ඇත.

දෙමල මහජන සභාව ඇතුළු හර්තාලයේ සංවිධායකයින් මෙමගින් දෙපලාතේ අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකිරීම, හමුදාව යටතේ ඇති තම ඉඩම් නිදහස් කිරීම, විල්පත්තු ආසන්න රක්‍ෂිත සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කල ගැසට් නිවේදනය අහෝසි කිරීම ආදී ඉල්ලීම් ඉල්ලයි.

වෙලදසැල් හා කාර්යාල වසා දමා බස් ත‍්‍රිවීල් ඇතුළු පොදු ප‍්‍රවාහන සේවා නවතා දමමින් හර්තාල් ව්‍යාපාරය පැවැත්වෙයි.

ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාරද පැවැත්වෙයි. වවුනියාවේදී A9පාර මුළුමනින්ම අවහිර වී ඇති අතර එම මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ඇත.

දෙමල මහජන සභාව විසින් පවත්වන මෙම විරෝධතාවය සදහා දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන පක්‍ස මෙන්ම දෙපලාතේ සංවිධාන රැසකද සහාය හිමිව තිබේ.

ජන ජීවිතයට බාධා ඇති වීම වැලැක්වීම සදහා පොලීසිය විසින් අධිකණයෙන් සුපුරුදු පරිදි ගනු ලබන අධිකරණ නියෝගය තවම ගෙන නැත. පොලස් නිලධාරීන් තැන් තැන්වලට වී බලා සිටිති. ජල බවුසර්, කදුළු ගෑස්, කැරලි මර්ධන ඒකක කැදවා නැත.

16 views

5 Comments to “උතුර-නැගෙනහිර මහ හර්තාලයක්.. A9 පාර වහයි.. ජන ජීවිතය මුළුමනින්ම අඩාලයි.. අධිකරණ නියෝග, කදුළු ගෑස්, ජලප‍්‍රහාර නෑ..”

  1. samayan says:

    Kandulu gas tike ivara karanna epa .dan SF veda patan ganna hadanne.uthure මිනිස්සුන්ට gas elagic.asaneepa unoth paune.nethuva unta bayakata ehema nevei.

  2. Soryysena says:

    Let them do Harthaal for many days. They only will suffer

  3. White Shark says:

    අල්-හුසේන් ආපු වෙලාවේ රණවිරුවෝ වෙනුවෙන් විමල් සෙනසුරාදා නිවාඩු දවසක කරපු උද්ඝෝෂණයට නඩු දාන්න යනවා.

    හැබැයි සතියේ දවසක සම්පූර්ණ ජනජීවිතයම අඩාල කරමින් A9 වගේ ලොකුම පාරවල් වහගෙන උතුරේ කරන උද්ඝෝෂණයට උසාවිත් නැහැ, වතුරත් නැහැ, කඳුළු ගෑස් ගහන්නෙත් නැහැ. බැටන් ප්‍රහාරත් නැහැ. කැරලි මර්ධනත් නැහැ. ෆොන්සේකලත් නැහැ.

    දකුණට එක නීතියක්. උතුරට තව නීතියක්. සිංහලයන් උද්ඝෝෂණය කලොත් නඩු, මාංචු, හිරගෙවල්. සුළු ජාතීන් උද්ඝෝෂණය කලොත් මානව අයිතිවාසිකමක්, ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් නිසා විමල්ට වගේ ජන ජීවිතයට හිරිහැරයක් කළා කියලා නඩුත් නැහැ මුකුත් නැහැ.

  4. samith says:

    Dan ko ara aluthen path keruwa kiyapu fonseka uta meke balanna kiyapan oka maha lokuwata pampori gahuwe , ko dan uta gihin balanna kiyapan okata

  5. love nature says:

    The Tamils have no specials rights over and above the Sinhala and Muslim people. The Tamils of yesterday and today are responsible for suffering of the people of Sri Lanka through a ruthless terrorism. Therefore today the Sri Lanka Tamils have to learn to live with the Sinhala and Muslims sharing their rights and priviledges., without making absurd demands for reconciliation and a separate identity.

Main News