උතුර, නැගෙනහිර රජයේ වැඩ සිංහලෙන් එපා.. දෙමලෙන් කරන්න..- ඇමති ඩග්ලස් දැනුම් දෙයි..

December 25, 2020 at 10:00 am | lanka C news
උතුර, නැගෙනහිර රජයේ වැඩ සිංහලෙන් එපා.. දෙමලෙන් කරන්න..- ඇමති ඩග්ලස් දැනුම් දෙයි..

වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු යැයි ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සිංහල නම්වලින් ක්‍රියාවට නංවන බවත් පෙන්වා දුන් ඇමතිවරයා දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන උතුර හා නැගෙනහිර පලාත්වල එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී දමිළ භාෂාව යොදා ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

මේ ගැන මධ්‍යම රජයේ අවධානය තමන් යොමු කරන බවද එහිදී ඔහු කියා සිටියේය.

18,213 views

15 Comments to “උතුර, නැගෙනහිර රජයේ වැඩ සිංහලෙන් එපා.. දෙමලෙන් කරන්න..- ඇමති ඩග්ලස් දැනුම් දෙයි..”

  1. MD says:

    ඔන්න පැන්න බළලා මල්ලෙන් එලියටම.ඩග්ලස් කට්ලට්ස් වෙන්න හදන්න එපා.චප්ප වෙයි හොඳේ.තියෙන ගරුත්වය බල්ලට දාගත්තා කියලා හිතෙයි ඔහොම කලොත්නම්.

  2. බන්ඩා says:

    මැලේසියාවෙ රාජ්‍ය භාෂාව පමනක් නොව මාර්ග සඤා සියල්ල මැලේ භාෂාවෙන් පමනය්.

  3. Theeraka says:

    So one state two countries. Oh no. Pohohottuwa didn’t come to power to do this!

  4. LION says:

    උතුරු නැගනහිර රජයේ ව්‍යාපෘති කටයුතු වලට සියයට 90ක් හෙළයන් පත්කළ යුතුය.

  5. Maha sinhale says:

    සුලු ජාතින් සියලුදෙනා තමන් උපන් රටේ බාෂාව දැනගත යුතුයි. බැරි අයට පුරවැසිබාවය තහනම් කරමු.

Main News