උතුර යළිත් අසූව දශකය තෙක් ආපස්සට.. කෙතරම් පහර කෑවත් තුවක්කුව උස්සන් පොළිස් නිළධාරින් බියවෙති..
August 1, 2017 at 1:20 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
‘යාපනයේ කෝපායි හි දී සන්නද්ධ කල්ලියක් පහර දීලා පොලිස් නිළධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. එක් අයෙකු ඉන්නේ අසාධ්‍ය තත්වයේ. මීට සති දෙකකට කලින් පොලිස් නිළධාරියෙකුට වෙඩි තබා මරා දැම්මා. මීට මාස හයකට පෙරත් පොලිස් නිළධාරින් ආවා කල්ලියේ දරුණු ප්‍රහාරයකට ලක් වුණා. කෙතරම් ප්‍රහාරයකට ලක් වුණත් අතේ තිබෙන ගිනි අවිය පාවිච්චි කරන්න පොළිස් නිළධාරින් බයයි. උතුරේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ වාහන වලට වෙඩි තැබූ පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විට අත්අඩංගුවේ ඉන්නවා. මේ තත්වය නිසා යළිත් වතාවක් උතුරේ අපේ රණ විරුවන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා තියෙනවා.
1980 දශකයේ බෙදුම්වාදි ත්‍රස්තවාදින් සිය ප්‍රහාර ආරම්භ කලේ උතුරේ මහ මග රාජකාරි කරමින් සිටි පොළිස් නිළධාරින් මරා දමමින්. දැන් වසර තිස් පහකට පස්සේ උතුර යළිත් අසූව දශකයට ගිහින් තිබෙන බවයි පේන්නේ. රණවිරුවන් දිවි පිදුවේ උතුර යළිත් මේ වගේ අරාජික කරන්න ද? රණවිරුවන් රකිනවා කියලා මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැහුව්වාට වැඩක් නෑ. වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා උතුරේ රණවිරුවන්ගේ ජීවිත අවදානමේ. ඒ නිසා රාජකීය විද්‍යාලයේ උගත් අගමැතිතුමාට විද්‍යාලයේ ආදර්ශ පාඨය සිහි කරමින් මට කියන්න වෙන්නේ උගනිව් නැතිනම් පිටවෙව් කියලයි’
– අරවින්ද අතුකෝරල