උතූරේ නව ව්‍යාපාර විදේස් ආයෝජකයින්ට…

November 14, 2021 at 8:02 am | lanka C news
උතූරේ නව ව්‍යාපාර විදේස් ආයෝජකයින්ට…

තමා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වු දින සිට දවසේ වැඩි කාලයක් සහ සතියේ උපරිම දින ප්‍රමාණයක් තම පලාත් ජනතාව වෙනුවෙන් සේවය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් උතුරු පළාත් සංවර්ධන සහ ප්‍රවර්ධනය කටයුතු කටයුතු වලදී එයට මුලිකත්වය දී කටයුතු කරන බව ප්‍රකාශ කරන උතුරු පළාත් ආණ්ඩුකාර තූමා රජය විසින් ලබාදෙන සියලු සහන උතුරේ ජනතාවට ලබා දී ජනතාවගේ ජීවන බර දුරු කිරීමටත් ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට සවන්දී එයට විසදුම් ලබාදීමට කටයුතු කරන බව එතුමන් ප්‍රකාශ කරයි.

සාමය,සතුට රැකගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුබව ප්‍රකාශ කරන ආණ්ඩුකාර තුමා ප්‍රදේශයේ පෞරාණික වටිනාකමකින් යුත් සියලු දේ ආරක්ෂා කර ගනිමින් අපගේ පරිසරය අලංකාරවත් වය රැකගෙන ස්වභා සෞන්දර්ය තුල ජීවත් වීම තුළ සුභවාදී ආකල්ප ඇතිවන බවත් එය තුලින් ජීවිතය ජයගත් හැකි බවත් ප්‍රකාශ කරයි.

ආයෝජනයන් ට උතුරු පළාත තුළ හොද වේදිකාවක් සැදී ඇති බව ප්‍රකාශ කරන ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතා එතෙර සිටින ආයෝජකයින්හට උතුරු පළාත තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට ආරාධනා කරයි.

– වජිර කොඩිතුවක්කු

21,379 views

3 Comments to “උතූරේ නව ව්‍යාපාර විදේස් ආයෝජකයින්ට…”

  1. Silva says:

    විමල් වීරවන්ස මැතිතුමාට ඔත්තුවක්. ඔබතුමාලගෙ ආන්ඩුව බලේට ආපුවම ස්වර්නවාහිනි ගනුදෙනුව ගැන විමර්ශනය කරල වැරදි කරුවන් ඇරස්ට් කරනව කිව්ව නේද? අන්න ඔබතුමා කොටි කලු සල්ලි කාරයෙක් කියපු සුබාශ්කරන් අල්ලිරාජා වීඅයිපී කෙනෙක් විදිහට ලංකාවට ඇවිත්. වහාම ඇරස්ට් කරන්න. 😀

  2. LION says:

    සිංහලයන්ට වන අසාධාරණය.

    ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා නිදහසේ ජිවත් විය හැක. අද කුරුනෑගල, තිස්සමහාරාම වැනි සිංහල බහුතරය ජීවත්වෙන ප්‍රදේශවල ද්‍රවිඩයන් ජිවත් වෙත්. මෙහි වරදක් නැත. නමුත් මෙම සිද්ධාන්තය සිංහලයන්ට උතුරේ ජිවත් වීම් සඳහාද බල පෑ යුතුය. අද එය එසේ බල නොපායි.

    සිංහලයන්ට උතුරේ ගොවිපලවල්, ව්‍යාපාර පටන් ගැනීමට, එසේ නොමැති නම් උතුරේ වූ නිස්කලංක පරිසරයේ ජීවත්වීමට, එවැනි දේ කැමති අයට අවස්ථාව සැලසිය යුතුයි. නියම සංහිඳියාව යනු මෙයයි.නමුත් අද සිදුවන්නේ එයට ඉඳුරාම විරුද්ධ දෙයකි. එසේ යන අයව වැලැක්වීම සහ ඒ අයට අවශ්‍ය පහසුකම් නොලැබීමයි.

    • Joy says:

      එතෙර සිටින ආයෝජකයින් කියන්නේ දිවිත්ව පුරසිභාවය ඇති දෙමළ කොටි ඩයස් පෝරාවටද ? අපේ රටේ LTTE ත්‍රස්තවාදීන්ට උදව් කරමින් අපේ සිංහල ජනතාව ඝාතනය කල මේ දෙමළ කොටින්ට අපේ රටට පය තැබීමට ඉඩ නොදිය යුතුයි

Leave a Comment

Main News