උදයංග අපට ඕනෑ.. ඔහු අපේ පුරවැසියෙක්..- යුක්රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි.. රාජතන්ත‍්‍රික සටනක් ඇවිලෙයි..

February 8, 2018 at 9:20 am | lanka C news
උදයංග අපට  ඕනෑ.. ඔහු අපේ පුරවැසියෙක්..- යුක්රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි.. රාජතන්ත‍්‍රික සටනක් ඇවිලෙයි..

ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලෙද රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තම රටේ පුරවැසියෙක් නිසා තමනට බාර දෙන්නැයි යුක්රේනය විසින් ඉල්ලා තිබේ.

යුක්රේන බලධාරීන් විසින් අබුඩාබි බලධාරීන්ගෙන් මෙම ඉල්ලීම කිරීමත් සමග අදාල ගැටළුව රාජතාන්ත‍්‍රික අර්බුදයක් වන තත්වයක් උදා වී ඇත.

පසුගිය ඉරිදා ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද උදයංග වීරතුංග මේ වන විට අබුඩාබි හි රදවාගෙන සිටී.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් නිකුත් කලේ යයි පැවසුනද එය නිල් වරෙන්තුවක් යයිද වාර්තා වන අතර නිල් වරෙන්තුවකින් හැකි වන්නේ අදාල පුද්ගලයාගේ අනන්‍යතාව, වෙසෙන ප‍්‍රදේශය, ක්‍රියාකාරකම් ආදි තොරතුරු ලබා ගැනීම පමණි.

යුක්රේනය විසින් තම රටේ පුරවැසියෙක් වන උදයංග වීරතුංග තමනට බාර දෙන්නැයි ඉල්ලා ඇත්තේ එනිසා යයිද සදහන්ය. එමෙන්ම යුක්රේනය හා රුසියාව අතර පවතින දැඩි සමීපතාවය හේතුවෙන් මෙම ඉල්ලීම නොතකා කටයුතු කිරීමේ හැකියාවද ඉතා අවමය.

කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සදහා මෙරට පොලිස් නිලධාරි කණ්ඩායමක් අබුඩායි වෙත පිටත්ව යාමට නියමිත යයිද සදහන් වෙයි.

29 views

18 Comments to “උදයංග අපට ඕනෑ.. ඔහු අපේ පුරවැසියෙක්..- යුක්රේනය ඩුබායි බලධාරීන්ට දන්වයි.. රාජතන්ත‍්‍රික සටනක් ඇවිලෙයි..”

  1. aniwa says:

    harima lassana kollek, muna beluwama penawa harima awankai kiyla

  2. daminda says:

    viddae haawata wadunae pandurata………?

Main News