උදයංග වීරතුංග අත්අඩංගුවට ගනී..?

March 27, 2018 at 11:20 am | lanka C news
උදයංග වීරතුංග අත්අඩංගුවට ගනී..?

පසුගිය රජය සමයේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී එරට බලධාරීන් විසින් නැවත වතාවක් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලිස් මුල්‍ය අපරාද කොට්ඨාශ ප‍්‍රධානියෙකු මාධ්‍ය උපුටමින් වාර්තා ගණනාවක් පලව ඇත.

ශ‍්‍රි ලංකා පොලීසිය විසින් එරට රජය වෙත ලබා දුන් තොරතුරු මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

මිග් යානා මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අධිකරණයේ ගොනුකර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට වරෙන්තු නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන නැති බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා උපුටා දක්වමින් ‘අද’ පුවත්පත සදහන් කරයි.

වෛද්‍යාලංකාර මහතා උපුටා දක්වමින් රජයේ මාධ්‍ය වාර්තා කරන ලද්දේ උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බවයි.

67 views

13 Comments to “උදයංග වීරතුංග අත්අඩංගුවට ගනී..?”

  1. DAYASIRI says:

    මේකත් මේ අගැතිට එරෙහි විස්වාශ භංගයේ උණුසුම වෙන අතකට යොමුකරන්න යොදාගත්ත බොරු වාර්තාවක්.
    පරණ වාර්තාවකට තීන්ත ගාලා නැවත පලකිරීමක්. මේවාට ජනතාව රැවටෙන්නේ නැහැ.

  2. Open mind says:

    සැරසෙන්..”……නූල් බඳින්න දුවන්න

Main News