උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ශ‍්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තරයේ නඩු දමයි..

February 8, 2018 at 4:40 pm | lanka C news
උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ශ‍්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තරයේ නඩු දමයි..

තමන් පසුගියදා ඇමරිකාව බලා ගමන් කරමින් සිටිවදී ඩුබායි ගුවන් තොටේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර පරික්ෂා කර බැලූ බවත් තමනට එරෙහිව ජාත්‍යන්තරව කිසි චෝදනාවක් නැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කයේ යයි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය.

එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

මට පුදුම රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන කොටස පවා අද රටේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නියාමනයන් පවතීයැයි තවමත් සිතීමය.

මෙම පළාත් පාලන චන්දයට වාසී ලබා ගැනීමට රජය විසින් අන්තිම මොහොතේ මාව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය මෙසේ අසාර්ථක විය.

එසේ නමුත් ලාංකික පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් මට උදාවීම ගැන සතුටු වන්නෙමි.

අසාර්ථක හිටං හුටං ආණ්ඩුවේ ආයුෂ 10 වෙනිදා ඔබගේ චන්දයෙන් අවසානය පටන් ගන්නවා බව නියතය.

අද රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

43,796 Viewers

24 Comments to “උදයංග වීරතුංග නිදහස් කෙරේ.. ජාත්‍යන්තර රතු වරෙන්තු කතාව කෙප්පයක්.. ශ‍්‍රී ලංකා පොලිසියට ජාත්‍යන්තරයේ නඩු දමයි..”

  1. vira says:

    huuuuuu……..

    • Kamal says:

      මෙතුමා අපේ අනාගත අගමැති

    • darshana says:

      මේ දේශප්‍රෙමියාටත් යුක්‍රේනේ පුරවැසිභාවය තියෙනවලු නේ? වැරැද්දක් කරල නැත්තම් ඇයි දන්නෑ ඇවිත් උසාවියට මූනදෙන්න භය?

  2. Danapala says:

    ඔබ තුමාට හදවතින්ම සුභ පතමි.යුද්ධය දිනූ
    වීරයන්ගේ පලිගැනීම් කවදා නතර වේ දැයි නොදනිමි

  3. Dev says:

    Rajitha had a good shit bath.

  4. Manel says:

    I said before that Udayanga’s ‘arrest’ was a media show choreographed by UNP SLFP lairs. It’s proven correct as expected. Sirisena and his boss Ranil and henchmen, all has run out of all the tricks to tarnish the image of JO leaders. Folks, show these ba……ds, the way out on 10th.

  5. SUNIMAL says:

    යමපාලන පොලිස් ආණ්ඩුව බංග වේවා ලගදීම පොහොට්ටු ආණ්ඩුවක්

  6. sri says:

    ei appa mehema karanne. ara kunudata paw. hart attak ekakwath hedei.
    mun rate minisunta kiyana boru loke anik ratawaluth piligani kiyala hetan ette.

  7. ඇත්ත says:

    මෙන්න මිනිස්සු..පැත්ත ගියත් ගෙම්බා පැනිලි නෑ…

  8. silva says:

    yahapalana boruwa hamadamath kala nohaka…sathya jaya ganiwi….jayawewa

  9. Talga.Dayasiri says:

    පෙබරවාරි 10 එනම් අනිද්දා පැවැත්වීමට නියමිත චන් දය නිමිතිකරගෙන යමපාලන රජය ක්‍රියාත්මක කරන දේශපාලන ප්‍රෝඩා වල තවත් එක් අංගයක් වූ උදයංග වීරතුංග මහතා පිළිබඳ ගෙත්තම මොවුන් කොළේ ඉරගෙන අැඟේ හලාගෙන චන් ද ව්‍යාපාරයම ගඳ ගස්වන බව මෙයින් මනාව පැහැදිලිය. අඳෝමැයි පොලිස් රාජ්‍ය​. ඊනියා යම පාලනය භංග වේවා.

  10. Talga.Dayasiri says:

    පෙබරවාරි 10 එනම් අනිද්දා පැවැත්වීමට නියමිත චන් දය නිමිතිකරගෙන යමපාලන රජය ක්‍රියාත්මක කරන දේශපාලන ප්‍රෝඩා වල තවත් එක් අංගයක් වූ උදයංග වීරතුංග මහතා පිළිබඳ ගෙත්තම මොවුන් කොළේ ඉරගෙන අැඟේ හලාගෙන චන් ද ව්‍යාපාරයම ගඳ ගස්වන බව මෙයින් මනාව පැහැදිලිය..

  11. Niru says:

    The idiot Kunu datha was talking bull shit. What a waste of money sending 7 people on a wild goose chase. They will definitely bring minimum of 8 bottles of Whiskey and many other things with our money. Kunu datha should resign ASAP.

  12. UNP කාරයා says:

    මේකා කියන දේවල් අහන්න ජනතාවට පිස්සු නැත

  13. PISSU PUSHA says:

    Ha, Ha, mega bribe collector Sun Vidyalankara’s CHORI WEDA, People must ensure justice for these officers who are brib collectors

  14. Sahan Palihakkara (Attoney at Law) says:

    මොහු රැගෙන් ඒමට කියා ඩුබායි වලට හත් දෙනෙකු යැවූ බව FCID පැවසුවා . දැන් තහවුරු වනුවේ මහජන මුදල් අවබාවිත කරමින් FCID දේශපාලන අරමුණක් සඳහා හෝ වෙනත් පටු අරමුණක් වෙනුවෙන් ඩුබායි වලට හත් දෙනෙකු යැවූ බව ද ?

    FCID යනු නීතිමය තත්වයන් පිළිබඳව ඉතා කුඩා හෝ අවබෝදයක් නොමැතිව හිතුමතයට මහජන මුදල් අවබාවිත කරන ආයතනයක් බවට මෙය කදිම ශාක්ෂියක් නොවේද ?

    FCID යනු පොලිස්පතිවරයාගේ උපදෙස් හෝ ජේස්ට නිලධාරීන්ගේ හෝ පොලිස් නීති අංශයෙවත් වත් උපදෙස් නොලබන මහජන මුදල් අවබාවිත කරන ඒකකයක් බවද ?

  15. Sarath says:

    Udayanga ali horek!

  16. Ratata Adare says:

    ලංකාවේ පාහර දේශපාලකයන්ට වුවමනා ආකාරයට නොව උදයංග
    වීරතුංග මහතා වෙනුවෙන් නීතිය, නීතිය ආකාරයෙන් ක්‍රියාත්මක
    කල ඩුබායි ගුවන් තොටුපලේ නිලධාරීන්ට මෙරටේ දේශප්‍රේමී
    ජනතාවගේ ආචාරය!!!

  17. හිච්චිමහත්කෙයා says:

    මෙයැයි ගේන්න ගිය කාංඩෙ හෙට ආපසු එනවැයි?
    තව සතියක් දෙකක් එහෙ නැවතිල ජාතිඅන්තරේ එක්ක කතා බස් කරන්න වෙයි වගේ!

  18. Bayyek says:

    Hayyoooo Ape Salli …

Main News