උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට..

February 15, 2020 at 10:40 am | lanka C news
උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට..

ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබේ.

ඊයේ දිනයේ ඔහු බන්ධනාගාර ගත කිරීමෙන් පසු පපුවේ අමාරුවක් ඇතැයි පැවසූ නිසා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළු කර ඇත.

වසර ගණනාවක් ශ්‍රී ලංකාවෙන් පිටත සිටි ඔහු ඊයේ දිනයේ මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබින.

220 views

15 Comments to “උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට..”

  1. අපුගමන්ම බාලගිරි දෝෂය හැදිලා වගේ??????

  2. සනත් ඉතාලිය says:

    අපි පක්ශ පාට වලට බෙදිල කොහොම කාට කඩේ ගියත් මෙයාල එකම කාසියේ දෙපැත්ත

Main News