උදයංග වීරතුංග ලංකාවට බාර දීම ඩුබායි බලධාරීන් ප‍්‍රතික්‍ෂෙප කරයි..

April 23, 2018 at 10:40 am | lanka C news
උදයංග වීරතුංග ලංකාවට බාර දීම ඩුබායි බලධාරීන් ප‍්‍රතික්‍ෂෙප කරයි..

රාජපක්‍ෂ පාලන සමයේදී රුසියාවේ හිටපු ශ‍්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ‍්‍රී ලංකාවට බාර දීමට එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තම රටේ අධිකරණ පද්ධතියේ සහාය පතමින් උදර්පන නීතිය යටතේ වීරතුංග මහතා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එරට විසින් උපදෙස් දී තිබේ.

දෙරට අතර උදර්පන ගිවිසුමකට 2002 වසරේදී අත්සන් තබා ඇතත් මේ වන තෙක් එය පාර්ලිමේන්තුවේ සම්මත නොවීම නිසා මෙම ගැටළුව පැන නැගී ඇත.

ඩුබායිහිදී එරට පොලිස් අත්අඩංගුවට පත් ඒ මහතා මේ වන විටත් සිටින්නේ එක්සත් අරාබි එමිරේට්හි රැදවුම් බාරයේය.

උදයංග වීරතුංග මහතා යුක්රේනයේ පදිංචිකරුවෙක්ද වෙයි.

77 views
Main News