උදය-කංචන බලය අල්ලද්දී ආණ්ඩු පාර්ශවය කොහෙද යන්නේ මල්ලේ පොල් කියයි..[Video]

February 22, 2019 at 3:50 pm | lanka C news
උදය-කංචන බලය අල්ලද්දී ආණ්ඩු පාර්ශවය කොහෙද යන්නේ මල්ලේ පොල් කියයි..[Video]

ඊයේ දින (21) හිරු ටීවී බලය වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් වූයේ ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා පටිපාටියයි. විවාදයට ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් මුජිබර් රහුමාන් සහ ආශු මාරසිංහ මන්ත්‍රිවරුන් සහභාගී වූ අතර විපක්ෂය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, කංචන විජේසේකර මන්ත්‍රිවරුන් සහභාගි විය.

විවාදයට සහභාගි වූ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනා පූර්ව සූදානමක් සහිතව ව්‍යවස්ථාවද උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරමින් විවාදය හා සම්බන්ධ වුවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් ගෙන් මාතෘකාව සම්බන්ධයෙන් එවැනි උද්යෝගමත් සහභාගීත්වයක් දක්නට නොවීය.

විශේෂයෙන්ම උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීම වෙනුවට මාතෘකාවට අදාළ නොවන ප්‍රශ්න ගෙනහැර පාමින් විවාදයේ කාලය ගෙවා දැමීමට ආශු මාරසිංහ මන්ත්‍රිවරයා උත්සාහ දරනු දැකිය හැකි විය.

මේ නිසා වැඩසටහන මෙහෙය වූ සුදේව හෙට්ටිආරච්චි මහතාද ව්‍යවස්ථාදායක සභාව වැනි වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විවාදයකදී වෙනත් සුළු ප්‍රශ්න නගනු වෙනුවට මාතෘකාවට අදාල කරුණු විවාදය තුළ මතු කරන යැයි අවස්ථා කිහිපයකදීම ආශු මාරසිංහ මන්ත්‍රිවරයාගෙන් ඉල්ලා සිටිනු දක්නට හැකි විය.

– AAK

52 views