උදය ගේ සිතියම් දැක රිෂාඩ් සැඟවෙයි… විල්පත්තුවෙන් ‘හිරු බලය’ ඇවිලේ.. [Video]

March 30, 2019 at 12:03 am | lanka C news
උදය ගේ සිතියම් දැක රිෂාඩ් සැඟවෙයි… විල්පත්තුවෙන් ‘හිරු බලය’ ඇවිලේ.. [Video]

දැඩි ආන්දෝලනයට ලක් වී ඇති මාතෘකාවක් වන විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් මෙවර හිරු ටීවී බලය වැඩසටහන වෙන්විය.

මේ වන විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයා මෙන්ම මෙම වන විනාශයට එරෙහි දැඩි මතයක් දරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාද මෙම බලය විවාදය හා එක්වූ නිසා දැඩි අවධානය මේ දෙසට යොමුවිය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ද මෙම විවාදය හා එක්විය.

විවාදයේදී විල්පත්තුවේ මඟ දෙපසින් මීටර් 250ක් දුරට ජනතාව පදිංචි වූ බව රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ප්‍රකාශ කරද්දී සිතියම් ගණනාවක් එකිනෙක ඉදිරිපත් කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා මීටර් 250ක් වෙනුවට මීටර් 1180 දුරට ජනතාව පදිංචි කර ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු කර සිටියේය. වැඩසටහන පුරාවට එය එසේ සිදුවූයේ කෙසේදැයි පැහැදිලි කිරීමට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට හැකියාවක් නොලැබුණි.

අනාථ කඳවුරු වල දුක් විඳින අහිංසක ජනතාව වෙත මෙම ඉඩම් ලබාදුන් බවට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නැගෙන තර්ක වලට ද ගම්මන්පිල මන්ත්‍රිවරයා ඉතා පැහැදිලි ලිපි ලේඛන හා සාක්ෂි ඉදිරිපත් කරමින් පිළිතුරු දීම මෙහිදී දැකගත හැකි විය.

එහිදී විගණකාධිපතිවරයා විසින් 2017 වසරේ ඉදිරිපත් කරන ලද විලත්තිකුලම් රක්ෂිතය පිළිබඳ වාර්තාව උපුටා දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිකර තිබූ නිවාස වල පදිංචි වී නොමැති සහ නිවාස ඉදිකර නොමැති බිම් කට්ටි සියල්ල ගත්විට එය සමස්ත බිම් කට්ටි ප්‍රමාණයෙන් සියයට අසූවක් වන බවයි.

මේවා අවතැන්වී අනාථ කඳවුරුවල දුක් විඳි ජනතාව වෙනුවෙන් ලබා දුන් ඉඩම් නම් එම ජනතාව තවමත් ඒවායේ පදිංචි වී නොමැති නම් එම ජනතාව මේ වන විට තවමත් අනාථ කඳවුරු වල සිටිය යුතු බව පෙන්වා දුන් ගම්මන්පිල මන්ත්‍රිවරයා නමුත් ඔවුන් අනාථ කඳවුරුවල ද නොමැති බවද ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

233 views

15 Comments to “උදය ගේ සිතියම් දැක රිෂාඩ් සැඟවෙයි… විල්පත්තුවෙන් ‘හිරු බලය’ ඇවිලේ.. [Video]”

  1. Dayani says:

    Exactly.!! In Wilpattu, the deforestation is still going on.!!! When MP Rajnan Ramanayake went to see Wilpattu, the residents said they are given 80 perches land and a 750,000 loan to build houses, by Minister Badudurdeen.!!!
    But it’s a shame that our leaders have not spoken a word about deforestation all around the country, whether it’s Sinhalese, Tamils or Muslims.!!!
    This carnation of deforestation should be stopped immediately and proper legal rules should be introduced and such violators of environment should be punished.!!!

  2. sunil Aththanayaka says:

    me tv program eke sound balence karapu eka mokekda uoo udaya gammanpila kathaa karaddi rishard ,ajith ge mics on eke thiyala…!!!kisima deyak pâhadili naha …ewa mute karala naha….!!!

  3. එක්නැලිගොඩ says:

    ගම්මන්පිල සිතියම් පවා පෙන්වමින් වන සංහාරය ගැන කියද්දි රිෂාඩ් අජිත් කලෙ වටෙ යන එක විතරයි.

  4. මව්බිම says:

    විල්පත්තුව සටනට එකාවන්ව කරමූ. ඔබ ඉතා පැහැදිලිව ගුවන් ජායාරූප යොදා ගෙන ඇත්තේ රටටම කිව්වා. ස්තුතියි උදය

    • OLU says:

      ගරු ගම්මන්පිල මහතාට අපේ උත්තමාචාරය ….මේ වන විනාශය වහාම නතර කල යුතුයි
      නැවත පදිංචි කිරීමක් නොවන බවට හා ජනාවාස නොතිබුණු බවට සාධක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධීව රක්ෂිත වනාන්තර වලට අයත් ඉඩම් වෙන් කර ගෙන අලුතින් ජනාවාස පිහිටුවීම සිදු කරන නමුත් රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගටම සඳහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වලම ඔවුන්ව පදිංචි කරන බවත් මේ ප්‍රදේශ යුද්ධය පැවැති සමයේදී වනාන්තරයෙන් වැසී ගොස් ඇති බවත්ය. එම ප්‍රකාශ සියල්ලම සාවද්‍ය ප්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිලිවම සඳහන් කර ඇත්තේ මේ වනාන්තර ප්‍රදේශවලින් පරිබාහිර ගම්මාන වල අවතැන් වූ ජනතාව අලුතින් පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙසය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගී වූ කිසිදු රැස්වීමකදී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක් පිළිබඳව සඳහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගටම ඉල්ලා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීමේ කාර්යය සඳහා ලබා දෙන ලෙසටය. මේ ප්‍රදේශයේ ජනතාව පදිංචිව සිටි ගම්මාන ලෙස පැවැතියේ නම් හෝ යුද්ධය පැවැති කාලය තුළදී අතහැර දමා තිබුණේ නම් ඒවායේ නැවත පදිංචි වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීම හා ඉඩම් නිදහස් කර ගැනීමට කටයුතු කළේ කුමන හේතුවක් නිසා දැයි අමාත්‍යවරයාට අද වන විට අමතක වී ඇත
      එපමණක් නොව 1938 වසරේ සිට මේ දක්වා ප්‍රකාශයට පත්ව ඇති සියලුම සිතියම් පරිශීලනය කිරීමේදීද මේ ප්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක් ලෙස පැවැති බවත් තහවුරු වී තිබේ. අඟ‍ලේ සිතියම්, 1:50,000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේදී මේ බව ඉතා හොඳින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේදී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප්‍රදේශයේ වනාන්තර විනාශ කර අලුතින් ජනාවාස ඇති කිරීම ආරම්භ කර ඇති බවය.

  5. Nim says:

    GAMANPILA MATHI THUMANI
    OBAGE THARKANUKULA
    PAHADELI KEREEMA
    WESISTI
    MAHA POLAWE ATHA AYAI.

  6. සමන් says:

    මාන්නප්පෙරුම රිෂාඩ් වෙනුවෙන් කහින කැහිල්ල ලැජ්ජයි. කොහොම උනත් උදය මන්ත්‍රී තුමා සිතියම් දිග ඇරගෙන දෙසනකොට උන් දෙන්න කොහොද යනේ මල්ලෙ පොල් සීන් එකක් රගපෑවා.

    • Saradiel says:

      බදියුර්දීන් අමාත්‍යවරයා විසින් මුළුමහත් සමාජයම මුලා කිරීමට කටයුතු කළ බවය. එපමණක් නොව ඇමැති වරප්‍රසාද භාවිතා කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරන බව පැහැදිලිව පෙනේ .. බදියුර්දීන් අමාත්‍යවරයා ජනතාව රැවටීමට කරන ප්‍රකාශ පිළිගත නොහැක …
      කුරාණයේ අ ත තබා තමන් කියන ප්‍ර කාශ සත්‍යය බවට දිවුරන්න මැලි වන්නේ මේ කරන බොරු නිසා නේද ?
      ලැජ්ජයි ඇමතිතුමෝ ලැජ්ජයි
      ‘වහාම මේ ජාතික අපරාධය නතර කල යුතුයි .. බදියුර්දීන් අමාත්‍යවරයාට විරුද් ධව නීතිමය පියවර ගත යුතුයි
      ජනපතිතුමා ඇතුළු වගකිවයුතු පාලකයන් මේ ගැන වහාම පියවර ගත යුතුයි

  7. sakalabujan says:

    Ayeth pela hitawamu api…enna ekathu wemu..wede karamu…

  8. විශ්ව says:

    කවුරුන් කෙසේ මොන බොරුව කීවත් විල්පත්තුවේ වන සංහාරයක් වී ඇති බව දත්ත තොරතුරු සිතියම් ඡායාරූප යොදා රටටම තේරෙන්න කිවූ උදය ස්තුතියි

  9. Nuwan says:

    හම්බවෙයි UNP නපුන්සකයන්ට, පොහොට්ටු මෝඩයන්ට,කාරයින්ට, නිදහස් පක්ෂ මී හරක්ට, JVP කුහකයන්ට දේශපාලනය කරන්න.පරයන්ට මොනවා කරන්නත් රටක් තියෙන්න එපෑනෙ. හම්බ රටේ ජානදිපති.

  10. ගම්මන්පිල උගත් සොයුරා වන විනාශය මනාව ඔප්පු කරත්දී අනෙක් කයිරාටිකයෝ තිදෙනාම වන වගාවට සියල්ලටම ආරාධනා කරන එකයි දිගටම කලේ.
    එවිට වනාන්තරයේ දිවි ගෙවූ කුරුළු ජනපද හා සියලු වන් සත්ව ගහණයන් නැවත ඇති කළ හැකිදැයි? උගත් බුද්ධිමත් ගම්මන්පිල මැතිඳු අසන විට සියල්ලෝම නිරුත්තර විය. වන ජීවියේ නිසි අධ්‍යයන වාර්තාවක් නොමැතිව,අනුමැතියක් නොමැතිව ,වන ජීවීන් සිටින වනයක් හෙළි කල නොහැකි බවයි එතුමා මනාව පැහැදිළි කර දුන්නේ. සියල්ලටම එම විනාශය පසක් උනේ එවිටය.
    ගම්මන්පිල උගත් සොයුර ඔබට හෙළදිව හුදී ජන ප්‍රසාදය හා තුති මල්!

Main News