උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක… බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ..

July 27, 2021 at 10:02 pm | lanka C news
උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක… බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ..

එදා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා රජයට සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා රජයට දැඩි පීඩනයක් එල්ල කළ අතර අදටත් එය එලෙසම පවතින බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමිනි.

තමන් ඇතුළු පිරිස එදා ගත් එම තීන්දුව හේතුවෙන් අද වන විට රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ වැරදි පවා එකිනෙක අනාවරණය වෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

තමන්ට එරෙහි විශ්වාස භංගයේ දී ඊට එරෙහිව ඡන්දය භාවිත කරන්න යැයි කිසිදු විටෙක රිෂාඩ් බදියුඩීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ගෙන් තමන් ඉල්ලා නොසිටි බව බලශක්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා ආණ්ඩුවට එරෙහිව කටයුතු කරද්දී මෙම මන්ත්‍රිවරුන් තිදෙනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිටම රජයට පක්ෂව ඡන්දය පාවිච්චි කර ඇති බවද ඒ මහතා සිහිපත් කර සිටියේය.

රිෂාඩ් රැකීමට කැමති යම් පිරිසක් මෙම රජය තුළ සිටිය හැකිය යන මතය තමන් බැහැර නොකරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඊට එරෙහිව තමන් ඇතුළු බලවේග දිගටම ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර සිටියේය.

විශ්වාස භංගය ඇතුළු තවත් කාලීන දේශපාලන මාතෘකා රැසක් පිළිබඳව මෙහිදී බලශක්ති අමාත්‍යවරයා කරුණු දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

126,751 views

17 Comments to “උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක… බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ..”

  1. upananda says:

    ටිකක් විතර රජය ට්‍රැක් පනිනකොට කොහොමත් හරි පාරට ඇදලා දාන්නේ මුන්දැලා තමා. ඒක එදා ඉඳන් වෙච්ච දේ.

  2. නාඩගම්කාරයෝ says:

    අහිංසක ලමයින් කෙළෙසන නරුමයන් හට මරණ දඬුවම දිය යුතුමයි

  3. ජන්ගල් ටාසන් says:

    මේ රට කාලාකණ්ණි රටක් ඔය බදුර්දීන්ලා ගත්තා උත්සහය ආයි ඌටම පඩිසම් දුන්නා

  4. Jagath Silva says:

    Pavula kiyana eka batahira victorianu adahask

Main News