උදය-ෂෙහාන් හිරු බලය දෙවනත් කරයි.. අලුත් ව්‍යවස්ථා කාරයෝ හතරගාතෙන් වැටේ.. [Video]
January 19, 2019 at 10:40 am | lanka C news![උදය-ෂෙහාන් හිරු බලය දෙවනත් කරයි.. අලුත් ව්‍යවස්ථා කාරයෝ හතරගාතෙන් වැටේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/454646446.jpg)
යෝජිත නව ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහ දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාට පමණක් යහපත් ලෙස පෙනෙන බැවින් මෙරට ජනගහනය දෙදෙනා දක්වා අඩු වී එම දෙදෙනා ද රනිල් වික්‍රමසිංහ මහතා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා බවට පත් වූ දිනක නව ව්‍යවස්ථාව රටේ ජනතාවට හොද ව්‍යවස්ථාවක් යැයි පැවසිය හැකි වනු ඇතැයි බ්‍රහස්පතින්දා (17) පැවති හිරු බලය වැඩ සටහන හා විපක්ෂය නියෝජනය කරමින් එක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම සංවාදය හා එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා වත්මන් ව්‍යවස්ථාවෙ ඇති ඒකීයභාවයත් බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානයත් යෝජිත ව්‍යවස්ථාවෙන් පද පෙරලි යොදමින් ඉතා සූක්ෂම ලෙස වෙනස් කිරීමට ගෙන ඇති උත්සාහය එකින් එක පැහැදිලි කළේය.
මෙහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අසන ලද බොහෝ ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු ලබා දීමට ආණ්ඩුව නියෝජනය කරමින් විවාදය හා එක්වූ නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වුහ.
එමෙන්ම ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් පෙන්වා දුන් බොහෝ කරුණු සංශෝධනය කළ යුතු බවට සංවාදය හා එක්වු එජාප අමාත්‍යවරුන් දෙදෙනා විසින් පිළිගැනීමද සංවාදය පුරා දක්නට ලැබුණු අතර නව ව්‍යවස්ථාව හරහා අග්‍රාමාත්‍යවරයාට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයාට ලැබෙන බෝනස් පිළිබඳවද ගම්මන්පිල මහතා මෙහිදී අදහස් දැක්වීය.
සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
😂😂 ඔව් මුන් ඉතිං කොහොමත් මිනිස්සුන්ව හතර ඝාතෙන් වට්ටන්න දස්සයො , මෛත්‍රීට නිතී උපදෙස් දීලා හතරගාතෙන් වැට්ටුවා , මහින්දට බොරු ලනු දීලා , අන්තිමට පාර්ලීමේන්තු ආසනෙත් නැතිවෙන තත්වෙට පත් කලා. කුජීතයි මහරජ !
Hathara gathen mahinda wetuna welawe chandayak tiyamuko…udinma dinuwekine…
ක්‍රිමිනල් obata gelapenama nama.
මෙයා වගේ එකෙක් හදපු දෙමව්පියන් කරපු වැඩේට දාන්න ඕන නමක්.
එස්.එමි.චන්ද්‍රසේන නමි කියන්නෙ මූ ගිය තැන අනාගන්නව කියලයි. මූ උංටත් කපාගෙන උඩ යන්න ගිහින් කෙළවගෙනලු ඉන්නෙ.
එස්.එමි. කියන්නෙ මොනව උනත්, දුමින්ද දිසානායක මූටවඩා හොඳයිලු. මූ රජරට මීහරකෙක්.
යූන්පී එකත් ඉතින් ඉඩම් හිමි අනුර බ්‍රෝ එවන්නෙ නැතුව නලීන් බන්ඩා එවලා. උන්ට පුලුවන්ද ගම්මන්පිල එක්ක විවාද කරන්න?