උද්ඝෝෂණ කරන්න තැනක් වෙන් කලාම විදේශ ආයෝජකයෝ එනවා..- අනාගත නායක

June 26, 2017 at 12:00 pm | lanka C news
උද්ඝෝෂණ කරන්න තැනක් වෙන් කලාම විදේශ ආයෝජකයෝ එනවා..- අනාගත නායක

‘සමහරු අහනවා විදේශ අයෝජන අඩුයි නේද කියල? ඉතිං දෙයියනේ මේ තරම් හැමතැනම විරෝධතා පවත්වද්දි, පාරවල් වහද්දි, උද්ගෝසන කරද්දි, අපේ රටට විදේශ ආයෝජන එන්න නම් ඒ මිනිස්සුන්ගේ මොලේ අමාරුවක් තියෙන්නේ ඕනේ’ යයි සම්මුති ආණ්ඩුවේ පාර්ශ්වයක් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රිලනිප කණ්ඩායමේ ප්‍රධානියයෙකු මෙන්ම එක්සත් ජනතා සංධානයේ ලේකම් ධීවර අමාත්‍ය මෙන්ම මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ නිසා තමා යෝජනා කර සිටින්නේ මෙසේ විරෝධය දක්වන පිරිසට ස්ථාන දෙකක් හෝ තුනක් නම් කර ඒ අයට විරෝධතා පැවත්වීමට ඉඩ දිය යුතුය මෙන්ම ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීමෙන් සමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවීමට රජය වග බලාගත යුතු බවයි.

60 views
Main News