උද්ඝෝෂණ දින 10දී සංචාරක කර්මාන්තයෙන් මිලියන 542.5ක් රටට අහිමි වෙයි…
April 12, 2022 at 5:30 pm | lanka C news
පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.
වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව සංචාරකයකු මෙරටට පැමිණි පසුව ආසන්න වශයෙන් අමෙරිකන් ඩොලර් 175ක පමණ මුදලක් දිනකට රටට හිමි වන බවද සංචාරක පැමිණීම අඩාළ වීම තුළ දිනකට රටට අහිමි වන ආදායම රුපියල් ලක්ෂ 542.5 ක් (ඇමෙරිකන් ඩොලර් 175,000) බවට ගණනය කර තිබෙන බවද පැවසූ අධ්යක්ෂ ජනරාල්වරිය මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන්නක් බවද සඳහන් කළාය.
මේ අතර ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් විශාල වශයෙන් සංචාරක පැමිණීම් අවලංගු කර තිබෙන අතර ඒ තත්ත්වය තුළ සංචාරක පැමිණීම විශාල වශයෙන් පහත වැටෙන බවද කොවිඩ් 19 වසංගතයෙන් පසුව අඩාල වූ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවැති බවද පෙන්වා දුන්නාය.
ඒ අනුව මේ වර්ෂය අවසන් වනවිට විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි ගණනය කළ බවද එවැනි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණු බවද ඒ මහත්මිය පැවසුවාය.
කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා ගිය අතර ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 106,500ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි බවද මෙය යහපත් තත්ත්වයක් බවද ඇය පෙන්වා දුන්නාය.
මේ වසරේ ජනවාරි 01 දා සිට මාර්තු මාසයේ අවසානය දක්වා මෙරටට සංචාරකයන් 280,026 දෙනකු පැමිණ තිබෙන අතර පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි. පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරකයන් 96,507ක සහ පසුගිය වසරේ (2021) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි.
– මහින්ද අලුත්ගෙදර
යඛෝ සංචරකයො එන්නෙ රට බලන්න විනා තොපේ උද්ගෝෂණ බලන්න නෙවෙයි. උන් බයවෙලා ආපහූ යන්න කූණූ හරුපෙන් බැණබැන කියල හිතන්න මොලය පූකට බැහැලා කාලකන්නියෝ.
සංචාරකයෝ 3800ම ආපු දින 90 ඩොලර් මිලියන 60 කෝ?
3800 × 175 × 90 = 59,850,000.
ඔයාගෙ තාත්තා ඇවිත් ඒවා හොරකම් කලා පෙරේදා රෑ
කොහොමද දන්නේ නෑ ගණන් කරේ උද්ගෝෂණ වලින් අඩු වුන ගාන. රටේ කරන්ට්, ගෑස්, පෙට්‍රල්, බෙහෙත් නෑ කියල මුළු ලෝකෙම නිව්ස් වල යන කොට එන්න tourist ලට පිස්සු වෙන්න ඕන – https://www.abc.net.au/news/2022-04-12/inside-sri-lankas-worst-economic-crisis-in-history/100975192
මිනිසුන් වෙනත් රටවල ආර්ථිකයට හානියක් නොවන පරිදි රැලි පවත්වයි.
ත්රස්තවාදීන් පමණක් ආර්ථිකයට හානි කිරීමට කරයි. සංචාරකයින් වෙරළට විවේක ගැනීමට පැමිණෙන නමුත් රජය ගැන තැකීමක් නොකරයි.
කළුවරේ ඉන්න, කන්න බොන්න නැති වාහන වලට තෙල් නැතිව මග රස්තියාදු වෙන්න එන්නෙ මොකාද? පෝලිමේ ඉන්නද?
ඇමරිකාව අතුලුරටවල් කිහිපයක්ම මූලික මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා “ලංකාව කියන්නෙ – කන්න බොන්න නැති ලයිට් නැති බෙහෙත් නැති රටක් කියලා”.
ඒ කාලෙ ඉතොයෝපියාවට සෝමාලියාවට රුවන්ඩාවට විනෝද වෙන්න සංචාරකයො ගියාද?
මිලියන 1000ක්ම අහිමි උනත් ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්ෂාව තව දුරටත් දෙනන ඕනේ. Alapaluwa from SA **
සංචාරක කර්මාන්තෙන් මිලියන 542ක් පාඩු උනාලු ඩොලර් හින්ගලු ඖෂධ හිඟයක් එනවලු.
කවුරුවත් කියන්නේ නෑ අපි ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්ෂාව දෙන හැටි.
අම්මප අපි තමා එලටම කළේ!
ලඟදි ලූනු කෑවද ? අල ලාබද
“ලංකාව කියන්නෙ – කන්න බොන්න නැති ලයිට් නැති බෙහෙත් නැති රටක් කියලා”. එයාලා කලින්ම විදේශිකයන්ට දැනුවත් කරලා තියෙන්නේ 😂 උද්ඝෝෂණ හුයන්නක් නිසා නෙවෙයි සුද්දෝ නෑවිත් ඉන්නේ .
සංචාරක කර්මාන්තෙන් මිලියන 542ක් පාඩු උනාලු ඩොලර් හින්ගලු ඖෂධ හිඟයක් එනවලු.
කවුරුවත් කියන්නේ නෑ අපි ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්ෂාව දෙන හැටි.
අම්මප අපි තමා එලටම කළේ!
ලඟදි ලූනු කෑවද **? අල ලාබද**