උද්ඝෝෂණ, විරෝධතා වාර්තා කරන්න එපා.. අමරවීර සියළු මාධ්‍යවලට කියයි..

April 29, 2017 at 8:40 am | lanka C news
උද්ඝෝෂණ, විරෝධතා වාර්තා කරන්න එපා.. අමරවීර සියළු මාධ්‍යවලට කියයි..

මහා මාර්ග අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ ජනතාවට විශාල හිරිහැරයක් වන නිසා එම උද්ඝෝෂණ තාවකාලිකව නතර කරවා ගැනීමට මාසයක් එම උද්ඝෝෂන වාර්තා කිරීමෙන් වලකින ලෙස සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර සියළු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කලේය.

මාධ්‍ය නැතිනම්, කැමරා නැතිනම් මේ කිසි විරෝධතාවක් සිදු කරන්නේ නැති බවද කී ඔහු අද පවත්වන විරෝධතා ගැන සමාජය තුල විශාල විරෝධයක් ඇති බවද සදහන් කරයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

35 views
Main News