උද්ඝෝෂනයේ නිරත ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හමුදාධිපති මැදිහත් වේ..

September 19, 2019 at 8:02 am | lanka C news
උද්ඝෝෂනයේ නිරත ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හමුදාධිපති මැදිහත් වේ..

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උද්ඝෝෂනයේ නිරතව සිටින යුද්ධ පිටියේදි තුවාල ලබා තවමත් සුවය ලබමින් සිටින ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයට ආරාධනා කර ඔවුන්ගේ ගැටළු සහ දුක්ගැනවිලි පිළිබඳව විමසන ලදී.

මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් එම පිරිසගෙන් ඉල්ලා සිටියේ සේනාධිනායක අතිගරු ජනාධිපතතුමන් විසින් අඟහරුවාදා (17) දින මෙම කරුණ සම්බන්ධව වන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අත්සන් කර කඩිනම් අනුමැතිය සඳහා යොමු කර ඇති අතර ඒ පිළිබඳව දැනටමත් ඔබගේ එක් නියෝජිතයෙකු දැනුවත් වී ඇති බව ප්‍රකාශ කළ යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ රණබිමේ දී තුවාල ලැබු නිලධාරියෙකු වන තමන් තවමත් එම තුවාල වලින් පීඩා විදින බැවින් තමන්ගේ රණවිරුවන් ගැන දැඩි සැලකිල්ලක් දක්වන බවත්, යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින්ට තමන්ට හැකි උපරිමයෙන් සාධාරණයක් ඉටුකිරිමට කටයුතු කරන බව ද පැවසීය.

තමන් ඉදිරි ක්‍රියාදාමය පිළිබඳ සමීප සම්බන්ධතාවයෙන් කටයුතු කරන බවට ලුතිනන් ජෙනරාල් සිල්වා ත්‍රිපුද්ගල නියෝජිත කණ්ඩායමට සහතික වූ අතර එය පසු විපරම් කිරීම නොවරදවාම සිදුකරන බැවින් තව සුළු කාලයක් සන්සුන්ව හා ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

– Army media

34,581 Viewers

6 Comments to “උද්ඝෝෂනයේ නිරත ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හමුදාධිපති මැදිහත් වේ..”

  1. Me3 says:

    Great Hero for all heroes!

  2. මම බැලුවා මොකද අපේ හමුදාපතිතුමා පරක්කු කියල. ඉතා ගරු කටයුතුයි.

  3. nim says:

    Don’t worry. we believe that our super hero will take care of all of you.

  4. අනේ අපොයි says:

    අනේ ඉතිං තවත් ලොකු ලොකු ඇත්තොත් ඉන්නවා ඔය වගේ තුවාල වෙලා සනීප උන , ඒත් ඉතිං අමතක වෙන ලෙඩේ ඊට පස්සේ හැදිලා නේ . පව් ! ඒකත් ඉක්මනට සනීප වේවා !!!

  5. kumdhar says:

    හැම රණ විරුවකුගේම දෙපා ලඟට යනවා කියපු, සජිත් මැතිතුමා මෙයාලව බලන්නවත් ආවද? කටින් බතල හිටෝනවා …

  6. LION says:

    2020 උබලගේ සියලු පැතුම් ගොටබයතුමා ලබාදේවි එය ස්ථීරයි මුන්ට ඔබගේ වටිනා චන්දය නොදෙන්න

Main News