උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

July 4, 2021 at 2:10 pm | lanka C news
උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශයට පැවසීය.

මැයි මාසයේ මිල උද්ධමනය සියයට 6.1ක් වන අතර තැන්පත්කරුවන්ට වාණිජ බැංකු ගෙවන පොලිය සියයට 4.5කි. මෙයට පෙර සෑම අවස්ථාවකදීම උද්ධමන අනුපාතිකය හා බැංකු පොලිය අතර සියයට 3ක පමණ ධනාත්මක වෙනසක් පැවතුණු නමුත් අද වනවිට උද්ධමන අනුපාතිකය හා සැසඳූ විට බැංකුවල පවතින්නේ සියයට 1.6ක ඍණ පොලියක් බව ඔහු කියයි.

උදාහරණයක් ලෙස පැවසුවහොත් රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළ කෙනෙකුට ලැබෙන්නේ රුපියල් 104.50කි. උද්ධමනය සියයට 6 වූ විට රුපියල් 100 මූර්ත අගය වන්නේ රුපියල් 98.50 බව ඔහු පෙන්වා දෙයි.

මේ නිසා බැංකු තැන්පතුකරුවන් ස්වකීය මුදල් ආපසු ලබාගෙන වෙනත් ආයෝජනවලට යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු අදහස් කරයි.

මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ සමස්ත බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කරයි.

– deshaya

122,831 views

21 Comments to “උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…”

  1. 😪😢😪😢 says:

    රටේ අවදානම රටවැසියට දැනුනාට
    දියවන්නා ගිණුම් පොලි වෙයි සැපට
    මැති ඇමතිල රජ සැපම විඳින ඇඟට
    දැනේද දුක පොලී වෙලා අපෙ ඇසට

  2. මුන්ගේ මේ ආචාර්ය පට්ටම් තිබුනට ඒවා ගත්ත විශ්වවිද්‍යාලවලින් විමසුවානම් මුන්ගේ බුද්ධියේ මට්ටම කුමක්දැයි දැනගැනීමට හැකිය. මෙම මහබැංකුවේ විශේෂඥයන් ලෙස අද පෙනීසිටින බොහෝදෙනෙක් රජයේ මුදල්වලින් පිටරට විශ්වවිද්‍යාල වලට ගොස් උපාධි හැදෑරු පිරිසකි. මොවුන් එම විශ්වවිද්‍යාලවලට ඇතුල්වී සිදුකල එකම දෙයනම් තමාට ලැබෙන අන්තිම රුපියල පවා එකතුකර ගත්තමිස අධ්‍යාපනය ගැන තුට්ටුවකටවත් සැලකීමක් නොකළ පිරිසකි. ඒ මුන්ගේ ලංකාවේ ඇති තනතුර සුරක්ෂිත බැවින් සහ රටේ මුදලින් ඉගෙනගන්නා බැවින් එම විශ්වවිද්‍යාල වලින් මුන්ට විශේෂ සැලකිල්ලක් ලැබෙන බැවිනි. මෙසේ උසස් අධ්‍යාපනය සදහා යන බොහෝ දෙනෙකු අඩුම වශයෙන් පහල උපාධියක්වත් ලබා ගැනීමට නොහැකිව ආපසු ලංකාවට පැමිනි අවස්ථා එමටය. එහෙත් මොවුන් ආපසු පැමිණ ආර්ථික විශේෂඥයන් ලෙස ක්‍රියා කරයි. අද රට වැටී ඇති ආර්ථික කඩාවැටීමට මෙවැනි පිරිස් ඍජුවම වගකිව යුතුය. මුන් බැංකුව තුල දේශපාලනය කරමින් ඊලග උසස්වීම සදහා සුදානම් වේ. මෙවැනි දේ නිසා මහබැංකුවේ ආර්ථික විශේෂඥයන් කියන උන් ගේ ආර්ථික දැනුම සම්භාන්ධයෙන්නම් වැඩිපුර සොයාබැලීමක් කල යුතුයි. මෙම විජේවර්ධන කියන තැනැත්තාද මෙම ඝනයට වැටෙන ගොබිලෙකි. මොහු කව්රුද යන්න සමකාලීනයන්ගෙන් විමසුවොත් ඉතා පැහැදිලිව දැනගත හැක.

    • popuperamuna says:

      Maya boru erisiya karayek. Siyalu egannagatthu ayayata apahasa karanna epa.

Main News