උදැල්ලෙන් පහරදී කාන්තාවක් ඝාතනය කරයි…

February 5, 2021 at 5:30 pm | lanka C news

වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කොට තිබියදී මළ සිරුර සොයාගත් බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

අදාල කාන්තාව නිවසේ මිදුලේ සිටයදී කිසියම් පුද්ගලයෙකු පැමිණ කාන්තාවට සිදු කරන ලද පහරදීමකින් මෙම කාන්තාව මිය ගොස් ඇති අතර අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පැවසීය.

අනතුරුව මිය ගිය කාන්තාවගේ සැමියා විසින් ඒ බව සෙට්ටිකුලම් පොලීසියට සිදු කරන ලද දැනුම් දීමකින් පසුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ සිදු කරන ලද පරික්ෂණ වලදී අදාල කාන්තාවගේ හිසට සිදුකරන ලද පහරදීමකින් මිය ගොස් ඇති බවටත් අදාල පහරදීම උදැල්ලකින් සිදු කොට ඇති බවටද අනාවරනය වී ඇත.

මෙලෙස පහරදීම සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා පොලිස් භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසුව මුදාහැර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ පූවර් සන්කුලම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සිවකුමාර් චිත්‍රකලා නැමති කාන්තාවක් වන අතර මිය ගිය කාන්තාවගේ මළ සිරුර සෙට්ටිකුලම් රෝහලේ තැන්පත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,688 views

One Comment to “උදැල්ලෙන් පහරදී කාන්තාවක් ඝාතනය කරයි…”

  1. sumudu says:

    උතුරේ තියෙන්නේ මහ මෙළෙච්ච මිනීමරු මානසිකත්වයක්

Main News