උදෑසන කෑම වේල රුපියල් පහලොස් ලක්‍ෂයයි.. ගැටුම දරුණු වී තුසිත හල්ලොලූව ඉල්ලා අස්වෙයි..

September 25, 2017 at 3:00 pm | lanka C news
උදෑසන කෑම වේල රුපියල් පහලොස් ලක්‍ෂයයි.. ගැටුම දරුණු වී තුසිත හල්ලොලූව ඉල්ලා අස්වෙයි..

අද දිනයේ සිට තමන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව තුසිත හල්ඔළුව මහතා සදහන් කරයි.

ඇමති දුමින්ද දිසානායක වෙත දීර්ඝ ලිපියක් යවමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන කරැුණු පැහැදිලි කර ඇත.

‘තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක් මා හට හිමිවූයේ නැත. අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර සඳහා අනුමැතිය ඉල්ලමින් නව ව්‍යාපාර සඳහා සහාය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ල වීමට පටන් ගත් අතර වඩාත් හාස්‍යජනක කාරණය වූයේ එසේ බලපෑම් කළ බොහෝ දෙනා ජනවාරි 09වෙනිදායින් පසුත් රාජපක්ෂවරු වන්දනාමාන කළ පිරිසක් වීමය.

එලෙස සිදුවූ බලපෑම් වලට යට නොවී හැකිතාක් නිවැරදිව කටයුතු කිරීමට මම උත්සාහ කළෙමි. එසේ රාජකාරි කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑම වේලක වියදම සඳහා රුපියල් පහලොස් ලක්ෂ හත්සිය පනහක මුදලක් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන මා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වන ලදි. අනුව එම ඉල්ලීම අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ අවස්ථාවේ අධ්‍යක්ෂවරුන් තිදෙනකු එය ප්‍රතික්ෂේප කළහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විගණන කටයුතු සිදුකරන කීර්තිමත්ව නිලධාරියකු වන ලලිත් අඹන්වෙල මහතා පවා එම ගෙවීම මූල්‍ය පතිපත්තිය පටහැනි බව පෙන්වා දුන්නේය.

පසුව ඔබ පෞද්ගලික මැදිහත්වී එම ගෙවීම් කරන ලෙස ඉල්ලීමක් කළ අවස්ථාවේදීද මා විසින් එය ප්‍රතික්ෂේප කල බව ඔබට මතක ඇතැයි සිතමි’ යයිද සදහන් එම සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

182 views

7 Comments to “උදෑසන කෑම වේල රුපියල් පහලොස් ලක්‍ෂයයි.. ගැටුම දරුණු වී තුසිත හල්ලොලූව ඉල්ලා අස්වෙයි..”

  1. daham says:

    kela ganiyawu. kelaganiyawu. dan unp eketh ekaa ekaa kela gannawa. thopi okkotoma deva sapaya dan heen noolen kriyaathmaka wenna patan aragena.

  2. ex UNPer 3 says:

    තංච කම්මං කතං සාධූ
    යං කත්වා නානු තප්පති
    යස්ස පතීතො සුමනො
    විපාකං පටිසේවති

    යහපාලනේ ගේන්න දිය යටින් ගින්දර අරන් ගිය ඔබ වැනි අය පමනක් නොව යහපාලන මුලාවට රැවටී දේශ ද්‍රෝහීන්ට චන් දය දුන්ලක්‍ෂ සංඛ්‍යාත පුර වැසියන් ද අද කියන්නේ මේක මයි.
    කරපු දේ ගැන පසු තැවීම පමණක් ඉතිරිව ඇත​.

    • කුවිපැංචා says:

      කිවූ දේ හරියටම හරි මිත්‍රයා! ඔන්න අපි ගැහුවා අත්පුඩි වැලක්ම!

  3. Boo says:

    New drama script written by USA to keep their slaves in power. New plan already on the way to chase out Sirisena and the clan at the next election and to create a UNP government. This is the initial stage of that plan similar to what they did before 2015. That is, to start early, about 2-3 years before the election to play with minds of the voters.

    If you sleep with dogs, you will wake up with ticks.

    • RR,Canada says:

      Very good analysis. This Haloluwa has done big insider job to bring this corrupted clan to the power. Now they need a (im)pure UNP government. They have that plan and this is a initial step to implement it. Anyway , because of those 6.2 million ingratitude people entire nation will suffer a lot more.

  4. මහජනයා says:

    2015 දි වුනේ සරල අංක ගණිතයෙන් දෙමල – 20% (ඉන්දියාව හා දෙමල සන්ධානය මගින්)
    මුස්ලිම් – 10% ( ඥානසාර හිමි මගින් )
    facebook _ 10%
    unp – 12% එකතුව – 52%

    *(මේක මට හිතෙන හැටි )

  5. Karu Jayasuriya says:

    Mahajanaya you have to add,
    Mervin silva and sajin vass – 10%
    all together 62%

Main News