උදුල් තඹේකට නොතකා නදිමාල් යන්න යයි… ‘ඌ සලමන් ඛාන්ද.. ඌ මොකෙක්ද.. පොරක්ද..’ උදුල් ගුගුරයි.. [Video]

March 28, 2019 at 11:20 am | lanka C news
උදුල් තඹේකට නොතකා නදිමාල් යන්න යයි… ‘ඌ සලමන් ඛාන්ද.. ඌ මොකෙක්ද.. පොරක්ද..’ උදුල් ගුගුරයි.. [Video]

ඩුබායිහි සිට ලංකාවට පිටුවහල් කරන ලද නදිමාල් පෙරේරා කටුනායකදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි ගිය නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නොතකා නදිමාල් පෙරේරා යන්නට ගියේය.

එම අවස්ථාවේදී මදක් කෝපයට පත් වූ උදුල් පේ‍්‍රමරත්න ‘ඌ සලමන් ඛාන්ද.. ඌ මොකෙක්ද.. පොරක්ද.. පොඩි එකෙක් ඌ.. සලමන් ඛාන් කුඩු ගහල අහුවුනාද..’ යයි මාධ්‍ය ඉදිරියේ පැවසූ ඔහු පසුව මාධ්‍ය වෙත අදහස් පල කලේ නදිමාල් පෙරේරා හෝ අමල් පෙරේරා කිසිදු වරදක් කර නැති බවයි.

පොලීසියෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයක් පමණක් බවත් ඔහු සදහන් කලේය.

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මුල් දිනවල උදුල් පේ‍්‍රමරත්න නීති සහාය සදහා කියමින් ඩුබායි බලා පිටත්ව ගියේය.

422 views