උදුවප් පෝදා අරලිය මැදුරේ උඩුවේ හිමිගේ බණ කතාවට මහනාහිමිවරුන් විරුද්ද වෙති.. නිවේදනයක් එවයි..

December 13, 2019 at 10:00 am | lanka C news
උදුවප් පෝදා අරලිය මැදුරේ උඩුවේ හිමිගේ බණ කතාවට මහනාහිමිවරුන් විරුද්ද වෙති.. නිවේදනයක් එවයි..

උදුවප් පොහෝදින අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අමාදම් සිසිල ධර්ම දේශනාවේදී මිලින්ද මොරගොඩ සම්බන්ධයෙන් ප්‍රකාශ වූ කරුණු නිවැරදි නොවන බව මහානායක ස්වාමීන් වහන්සේලා නිවේදන නිකුත් කරමින් ප්‍රකාශකර සිටිති.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කුලපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධී පාර්ශ්වයේ මහා නායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි යන මහානායක ස්වාමීන් වහන්සේලා මෙම නිවේදන නිකුත් කර තිබේ.

මිලින්ද මොරගොඩ ජාතික සහ ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගි කරගනිමින් සම්බුද්ධ ශාසනයටත්,රටටත් මහඟු සේවයක් සිදුකරන අයකු බවත්,ඔහු සම්බුද්ධ ශාසනයේ ප්‍රගතිය උදෙසා නිරතුරුව ක්‍රියා කරන සිංහල බෞද්ධයකු බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්කර තිබේ.

ඔහු උගතෙක් සේම බුද්ධිමතකු බවත්,රට වෙනුවෙන් තම යුතුකම ඉටු කළ යුතු යැයි සිතන දේශයට ආදරය කරන පුරවැසියකු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සිය නිවේදනයෙන් දක්වා තිබේ.

මිලින්ද මොරගොඩ ජාතිකත්වය වෙනුවෙන් පසුගිය වකවානුවේදී වැඩකළ අයකු බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධී පාර්ශ්වයේ මහා නායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි නාහිමියන් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

– aruna.lk

457 views

58 Comments to “උදුවප් පෝදා අරලිය මැදුරේ උඩුවේ හිමිගේ බණ කතාවට මහනාහිමිවරුන් විරුද්ද වෙති.. නිවේදනයක් එවයි..”

  1. මලිත් says:

    අපේ ගෙවල් ලඟ පන්සලකත් නිරම ගෝෂාව වැඩියි කියලා අහලපහල අය පැමිනිලි කරලා විස්තරේ පත්තරේකත් පලවුනා පසුගිය වසරේ.පන්සල අවට සිටින සියලු දෙනාම බෞද්ධයෝයි. දැන්නම්‍ කිසිම සද්දයක් ගෝෂාවක් නැතිව වැඩකටයුතු කරගෙන යනවා කටටියම.

  2. NAK says:

    what Ven. Uduwe said was the truth.
    Not mahanayake’s even if sharkra came down to white wash Milinda he won’t be able to do that.

  3. kamal s says:

    ali sabiri …ali uduwe wena wena ???

  4. සරා says:

    මිලින්ද ‌ෙමොරගොඩ ආගම ‌ෙවෙනුවෙන් වැඩ කරේ පන්සලේ පිරිත් වලට විරුද්ධව අධිකරනයට ගිය නිසා ‌ෙවෙන්න ඇති

  5. Kumara says:

    Attatama Milinda Moragoda kiyanne sinha hama porawagath hiwalek. Mathakada UNP ආණ්ඩුව kale NLB & DLB eken ගසා kewa heti. Attatama mata duka. අමරපුර නිකායේන් me wage unata (Patali Chapika ඇතුළුව ) ගෞරව sammana dena eka. මඩිහේ හාමුදුරුවන් ta karana අපහාසයක්

  6. රසික සූරියාරච්චි says:

    ලවුස්පීකර් දාගෙන අලි පැටියන් ඇතුළු සියලු සත්වයන්ට බලෙන්ම සෙත සලස්වාදෙන උන්වහන්සේලාට නිවන් සැප ලැබේවා!

  7. Disce ammata discede says:

    මහනයක හාමුදුරුවන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ ධර්ම කාරනාවක් වැරැද්දුවා නම්‍.
    පුද්ගලයකු ගැන කියූ නීතිමය දේකට කෙසේද නිවේදනය නිකුත් කරන්නේ ?

  8. Naaga Daathu says:

    Nayaka Naahimiwaruni, Uduwe haamudurwange banata wiruddha wuna wage, Kelaniya pansale haamuruwo saha pirisak Naagaloken daathu geawai kiyala Buddhagamatai, Siwuratai, pansalatai… karapu awamaanaya ganath yamak prakasha karana lesa illa sitinawa!

  9. මොරගොඩයා සී අයි ඒ ඔත්තුකරුවෙකි. මොහුගේ බිරිඳ සේවය කරන්නේ අමෙරිචාන් සී අයි ඒ හිය.
    මොහු දේසපලනයෙන් වීසිවී ගියේ නායකයින්ට එය එළිදරව් වූ නිසාය.

  10. ආගමික ශබ්ද දූෂණයට තිත තබමු says:

    මිලින්ද මොරගොඩ නඩු දැම්මේ පිරිත් දානවට නෙවෙයි . පිරිත් , කවිබණ , බණ අහල පහල ඉන්න මිනිස්සුන්ට අහගෙන ඉන්න බැරි තරම් අධික ශබ්දයෙන් දානවට විරුද්ධවයි. ඕනෑම මනුස්සයෙක්ගෙ කණට අහන්ඩ පුලුවන් ශබ්ද ප්‍රමාණයක් තියෙනවනෙ..

    — ශබ්ද විකාශන බලපත්‍ර විස්තර චක්‍රලේඛය

    http://gic.gov.lk/gic/images/stories/pdf/speakercirculer.pdf

Main News