උදේට ගන්න තීරණ හවසට අරලිය ගහ මන්දිරෙන් වෙනස් කරන යුගය අවසන් කරනවා..- රතන හිමි

March 2, 2017 at 3:26 am | lanka C news
උදේට ගන්න තීරණ හවසට අරලිය ගහ මන්දිරෙන් වෙනස් කරන යුගය අවසන් කරනවා..- රතන හිමි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික මහා සභාවේ සමුළුවේදි අතුරලියේ රතන හිමියන් විසින් දැඩිසේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කල අතර ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය මේ රටට නොගැලපෙන බවද අවස්ථාවන් කිහිපයකදි සඳහන් කරන ලදි.

එමෙන්ම හම්බන්තොට වරාය චීනයට දීමේ එජාපයේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විවේචනයට ලක් කරන ලදි. මෙයින් පැහැදිලිවනුයේ මේ වනවිට රජයේ අභ්‍යන්තර කණ්ඩායම් සාමූහික වගකීමෙන් තොරව එකිනෙකාට දොස් පවරා ගන්නා ආකරයකි.

ශ්‍රීලංකා ජාතික මහා සභාවේ ප්‍රථම සමුළුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පෙබරවාරි 28 වෙනිදා පැවත්වූ අතර මේ සඳහා රටේ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සමාජ ක්‍රියාකාරින් පිරිසක් සහභාගි වූහ.

එහිදි රතන හිමියෝ ප්‍රකාශ කලේ පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහත් පරාද බවත් දිනා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණක් බවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් මෙම සමුළුව සංවිධානය කොට තිබු අතර ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයක් සහ පොදු විපක්ෂයේ වාසුදේව නානයක්කාර මන්ත්‍රී තුම ද සහභාගි වී සිටියේය.

එහෙත් මෙම සමුළුවවට ජාතික හෙල උරුමය නීයෝජනය කරන චම්පික රණවක පාර්ශ්වයේ කිසිවකු සහභාගි නොවු අතර රතන හිමිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ලබා දුන්නද එජාපයේ නියෝජිතයින් ද එම සමුළුවේ දක්නට නොලැබීම කැපි පෙනුණු විශේෂිත ලක්ෂණයකි.

55 views