උදේ අත්අඩංගුවට ගත් නදිමාල් පෙරේරා හවස මුදාහරී…
March 27, 2019 at 3:49 pm | lanka C news
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ගායන ශිල්පී නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදාහැර තිබේ.
මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී සාදයකට සහභාගි වී සිටිය දී මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලද අතර එරට පොලීසිය විසින් මාස දෙකක පමණ කාලයක් සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව ඔවුන් දෙදෙනා රටින් පිටුවහල් කර තිබිණි.
පිටුවහල් කිරීමෙන් පසු මෙරටට ළඟා වීමෙන් පසු මෙම දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඩුබායි පොලිසිය විසින් එම සාදයේදි තිස් එක් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර ගායන ශිල්පී අමල් පෙරේරා රංගන ශිල්පී රයන් වැන්රෝයන් ඇතුළු පිරිසක් ඒ අතර වූහ.
ඩුබායි පොලීසිය විසින් ඔවුනට එල්ල කර තිබූ චෝදනාව වූයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටීමයි.
ලෝකෙන් උතුම් රට ලංකාවයි …. බොල
ලංකාවයි සිරි ලංකාවයි …. අම්මට ….
මදුශ් ගෙනාවත් ඔය කෙලියම තමා. මෙක කාලකන්නින්ගෙ දේශයක්
ජීවිතයක් සාර්ථක වීම උදෙසා ආශ්‍රය සෘජුවම බලපානු ඇත. අප විවිධ විෂම සමාජයක ජීවත් වන්නෙමු. එබැවින් පුද්ගල ඇසුර ඉතා වැදගත් වේ. එහිදී හොඳ, සත් පුරුෂ, කල්‍යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයක් යහපත් වීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී අපට බුදුහිමිගේ මඟ පෙන්වීම ඉතා, වැදගත් වේ. විවිධ සූත්රාශ්රයෙන් බුදුහිමි ඒ පිළිබඳ කියා දුන් කරුණු කාරණා දැන ඉගෙන ගෙන ඒවා අනුගමනය කිරීමට උත්සාහවන්ත වන්නේ නම් කාගෙ කාගේත් ජීවිත සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත.
ඇසුර පිළිබඳව කතා කිරීමේ දී එහි දෙපැත්තක් තිබෙන බව බුදුරදුන් දේශනා කළහ. එනම් හොඳ ඇසුර හා නරක ඇසුර යන්නයි. එහිදී අප ඇසුරට පත් කර ගත යුත්තේ හොඳ ඇසුරයි. නරක ඇසුර නිරන්තරයෙන්ම ජීවිතයක විනාශය, අසාර්ථකත්වය, අවැඩ පිණිස පවතී. නරක ඇසුර තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත් අයහපතක්ම සිදු කරනු ඇත. එබැවින් අපි නරක අය හඳුනාගෙන ඔවුන්ගෙන් මිදී හොඳ ඇසුරක් ලබා ජීවිතය යහපත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.
අප කළ පින් බෙලෙන් – දුදනන් හමු නොවේවා!
සසර වසනා තුරු – සුදන ඇසුරම වේවා!
මිතුරන් නැති පුද්ගලයා ගේ ජීවිතය මිහිරි නොවේ. මිත්‍රයන්ගේ සහයෝගය හා හිතවත්කම විමුක්ති මාර්ගයේ දී පවා අදාළ වන්නකි.
පුද්ගලයකු ගේ පරිහානියට හෝ අභිවෘද්ධියට ඔහු ආශ්‍රය කරන මිත්‍රයන් ගේ ස්වභාවය දැඩි ව බලපාන බව බුදුසමය අවධාරණයෙන් ම දක්ව යි. පාප මිත්‍රයන් හා කළ්‍යාණ මිත්‍රයන් හඳුන්වා දීමෙහි ලා බෞද්ධ සූත්‍රවල කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඒ නිසාය. කුස තණවල නරක් වූ මස් මාළු එතූ විට කුස තණ ද දුගඳ හමන්නා සේ පාප මිත්‍රයන් ඇසුරු කරන යහපත් පුද්ගලයා ද කෙලෙසෙන බව දක්වා ඇත.
මදූස් ආවත් ඔච්චරයි .
වැඩිම වුණොත් ඌව යවනව බන්ධනාගාර සැප හෝටලයේ නිවාඩු වකට