උදේ පාය බාගයක් පොලිස් නිලධාරීන්ට භාවනා කරන්නැයි පොලිස්පතිගෙන් නියෝග..

April 12, 2017 at 3:29 am | lanka C news
උදේ පාය බාගයක් පොලිස් නිලධාරීන්ට භාවනා කරන්නැයි පොලිස්පතිගෙන් නියෝග..

රට පුරා පොලිස් ස්ථාන 471ක රාජකාරී කරන පොලිස් නිලධාරීන් 85000 දෙනෙකු සෑම සතියකම සදුදා සිට සිකුරාදා තෙක් පෙරවරු 8.30 සිට 9.00 දක්වා භාවනා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලූම පොලීසිවලට දන්වා ඇත.

ඒ අකුන එම භාවනා වැඩසටහන් ගිය ෂතියේ සිට ආරම්භ කර ඇති බවත් එහි අරමුණ වන්නේ රාජකාරිය ආරම්භයේදීම සිත සැහැල්ලූ කරගැනීම බවත් පොලිස් මූලස්ථානය කියයි.

විශේෂ චක‍්‍රලේඛයකින් මේ පිලිබදව සියලූම පොලිස් ස්ථානවලට දන්වා ඇත.

41 views

12 Comments to “උදේ පාය බාගයක් පොලිස් නිලධාරීන්ට භාවනා කරන්නැයි පොලිස්පතිගෙන් නියෝග..”

  1. Saradiel says:

    කොතන වුණත් නැත මරු හට බාදා
    විදින මෙසැප පින් ඇති තෙක් වේදා
    ගෙවන සසර දුක් බුදු බණ නාදා
    කුමන නැටුම් කෙළි කවට සි නාදා

    “කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?”

  2. love nature says:

    පර ස්ත්‍රීන් සේවනය කරන ප්‍රමාදී පුද්ගලයා කරදර විපත් හතරකට ගොදුරු වනවා. එනම් පව් රැස් වීම, සිතේ චකිතය නිසා සතුටක් විඳින්නට නොලැබීම, අන් අයගෙන් නින්දාවට පත් වීම හා මරණින් පසු නිරයේ ඉපදීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ බයේ ගැහි ගැහී කාන්තාවන් සමඟ කාම සේවනයේ යෙදීමෙන් ලැබෙන ආස්වාදය ඉතා ම ස්වල්ප බවයි. එය පවතින නීතියට පටහැනි ක්‍රියාවක් නිසා රජයේ නීතිය ක්‍රියාත්මක කරන අයට අසු වුණොත් බරපතළ දඬුවම් විඳින්නට සිදුවන බවයි. එම නිසා වැරදි කාම සේවනයෙන් වැළකී පර ස්ත්‍රීන් සේවනයේ නොයෙදී තම බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි. මිනිස් ලොව සිටිය දී එක් කාන්තාවක් තම ස්වාමියා ඉක්මවා වෙනත් පුරුෂයන් ඇසුරු නොකිරීම නම් වූ ගුණධර්මය නිසා දෙව්ලොව ඉපදී මහත් සැපයට පත් වූ ආකාරය විමාන වස්තු පාළියේ පතිව්‍රත්‍රා විමානයේ සඳහන් වනවා.

Main News