උපකාරක පන්තියක මත්පැන් සාදයක්.. සිසුන් පිරිසක් අත්අඩංගුවේ..
February 16, 2019 at 12:40 pm | lanka C news
හැටන් ප්රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක් තුල මත්පැන් පානය කරසිටි පාසල් සිසුන් තිදෙනෙක් අද (16) හැටන් පොලිස් භාරයට ගෙන ඇත.
මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටිමට නියමිත මෙම සිසුන් තිදෙනා හැටන් නගරයෙන් අධික මිලකට වු විශේෂ මත්පැන් බෝතලයක් මිල දි ගෙන බාහිර පන්තියට කලින් නියමිත වේලාවට පෙර පැමිණ මිලි ලිටර් 750 ක මත්පැන් බෝතලයෙන් සියයට 95 ප්රමාණයක් පාසල් සිසුන් තිදෙනා පානය කර තිබු බව හැටන් පොලිසිය පැවසුවේය.
බාහිර පන්තිය ආරම්භ වි මද වේලාවකින් පසු පාසල් සිසුන් තිදෙනා බාහිර පන්තිය තුල වමනය කිරිම හේතුවෙන් සැක සිතු එම බාහිර පන්තිය පවත්වාගෙන යන විහාරස්ථානයේ හිමිනම විසින් හැටන් පොලිසියට කරන ලද දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම විහාරස්ථානය ගොස් පාසල් සිසුන් තිදෙනා පොලිස් භාරයට ගෙන ඇත.
මත් පැන් පානය කර සිටි පාසල් සිසුන් තිදෙනාගෙන් එක් සිසුවෙකුගේ බැගය තුල මත් පැන් බොතලය සහ ප්ලාස්ටික් කොප්පයක්ද කටගැස්මක්ද තිබු බව පොලිසිය පැවසුවේය.
වයස අවුරුදු 15 -16 වයස් කාණ්ඩවල පසුවන මෙම සිසුන් තිදෙනා පොලිස් භාරයට ගන්නා අවස්තාවේ දැඩි ලෙස වෙරි මතින් සිටි බවත්, මෙම බාල වයස්කාර පාසල් සිසුන් තිදෙනාට මත් පැන් අලෙවි කල හැටන් නගරයේ රටබිම මත්පැන් වෙළදසැලක කළමණාකාරවරයාද සැකපිට අත්අඩංගුවට ගන්නා බව හැටන් පොලිසිය පැවසුවේය.
පොලිස්භාරයට ගැනුනු පාසල් සිසුන් තිදෙනා වෛද්යය පරික්ෂණයෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
” LAMUN GANA SALAKILEMATH
LESA SOYA BALEEMA DAMAW
PIYAN , GURUWARU MENMA MULU
MAHATH WADEHITE JANATHAWA
GEEMA WAGAKEEMA I “
දොන් ජුවන්ලා රට පාලනය කරනවිට මේ දේවල් සිදුවෙනවා