උපදේශකයක් විසින් ජනාධිපතිව හොදටම අන්දලා…

January 28, 2019 at 6:28 am | lanka C news
උපදේශකයක් විසින් ජනාධිපතිව හොදටම අන්දලා…

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඔ 01

ජනාධිපතිතුමනි,

මතින් තොර රටක් සංකල්පය පිළිබදව.

මතින් තොර රටක් යන නාමය භාවිතා කරමින් මෙරට මත් ද්‍රව්‍ය නිවාරණය කිරීම සදහා උත්සහ කිරීම  සම්බන්ධයෙන් අප සංවිධානයේ ස්තුතිය  ඔබතුමා වෙත පිරිනමමු.  එහෙත් කණගාටුවෙන් හෝ කරුණු කිහිපයක් ඔබතුමාගේ දැන ගැනීම සදහා යොමු කිරීමට සිදුව ඇත. අප විසින් එම කරුණු ඔබතුමා වෙත යොමු කරන්නේ ඔබගේ උපදේශකයින් විසින් ඔබතුමාව අන්දවා ඇති  ප්‍රමාණයේ තරම වටහා ගැනීම සදහා පමණක්මය.

  1. ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේ දුන් පොරොන්දු ප්‍රකාශයේ සදහන් කර තිබුනු කරුණක් හා පොරොන්දුවක් වූයේ මතට තිත තැබීමයි. එහෙත් එම පොරොන්දුව මාධ්‍ය සංදර්ශණයකට සීමා කිරීමට තරම් ඔබගේ නිළධාරීන් හා ඔබ කුරිරු වී ඇත. ඔබ ජනාධිපතිවරයා ලෙස පත්වූ පසුව කල ප්‍රකාශයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. විශාල පත්තර පිටු ගණනක් පුරවමින් ඔබ කල ප්‍රකාශයක් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන්ගේ හා ඔවුන්ගේ ලගම නෑයින්ට ඇති මත්පැන්හල් සංඛ්‍යාව රටට හෙළි කරන බවය. එහෙත් එම ප්‍රකාශය සත්‍යයක් කිරීමට ඔබට අදවන විටත් නොහැකි වී ඇත. එහෙත් සමාජයේ කතාබහට ලක්වූයේ ඔබගේ ලගම නෑයින්ට ඔබ විසින් මත්පැන්හල් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් එහි ඇති සත්‍ය අසත්‍යතාවය හෙළි කල යුත්තේ ඔබතුමා විසින්මය. අපගේ ඉල්ලීම වන්නේ  පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මැති ඇමතිවරුන්ගේ  හා ඔවුන්ගේ ලගම නෑයින්ට ඇති මත්පැන්හල් සංඛ්‍යාව හැකි ඉක්මනින් රටට හෙළි කරන ලෙසය.එපමණක් නොව ඔබගේ ලගම නෑයින්ටද මත්පැන්හල් ඇත්නම් ඒ පිළිබදව හෙළි කරන ලෙසද ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කාරුණිකවය.
  2. මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබදව සදහා සෙවීම සදහා ඔබතුමා විසින් පත් කරන ජනාධිපති කාර්යය සාධක බලකාය නමට පමණක් සීමාවී ඇත. මෙරට සුරාබදු නීති රීති වලට අනුව පාසලක සිට මීටර් 500 ක සීමාවක මත්පැන්සලක් පවත්වා ගෙන යා‌නොහැක. එහෙත් ගරු මැතිතුමනි තවම මේ රටේ එම නීති උල්ලංඝණය කරමින් පාසැල් අවට මත්පැන්හල් පවත්වාගෙන යනු ලබයි.
  3. ඔබගේ නිලධාරීන්ට සම්මාන දීමට පෙර අප ඔබට කියන්නේ මතින් තොර රටක් යන සංකල්පය මාධ්‍ය සංදර්ශණයක් නම් ඔබ නිළධාරීන් එය අකුරටම ඉටුකොට ඇති බවය. ඔබට ඔබගේ නිළධාරීන් කරනු ලබන මහාබොරැව ඔබට නොදැනුනාට ජනතාවට නම් හොදින් දැනෙන බවය.

ජනාධිපතිතුමනි මාධ්‍ය සංදර්ශණ නවත්වා මතට තිතට තැබීමට දෙපයින් හිට ගනිමු! මතින් තොර රටක් හදමු.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

106 views

11 Comments to “උපදේශකයක් විසින් ජනාධිපතිව හොදටම අන්දලා…”

  1. ajith says:

    Excellent Thanks for the initiative
    we public eagerly waiting, silently to know

    do not know whether President will reply looking at his deeds and the character.

  2. Buddhist says:

    Nugath minihekwa janadhipathi hatiyata thoragaththa eke warada api okkoma baraganna oni. Mu wage kelehi guna danne nathi, vyavasthawa ullanganaya karapu ekawa idiriye janadhipathi therimedi dotta danna oni.

  3. සිරා says:

    රංජිත් විතානගේත් හොඳ මාධ්‍ය සංදර්ශන කාරයෙක් තමා…. මේ NGO කුක්කන් බුරනවා ඩොලර් ටිකක් බඩට වැටෙනකං..

    • tikka says:

      මොකාද බං මත්පැන් භාවිතයට විරුද්ධව ආධාර දෙන ඔය NGO එක?? එහෙම NGOත් තියෙනවද? ඒක එහෙමනං එක නරකයි නං සිරාවටම උඹ සංවිධානයක් පිහිටුවාගෙන ඔය හැඬ නගන්න පුළුවන්ද?

      • සිරා says:

        යහපාලනය ගෙනෙන්න යොදා ගැනුන NGO රනිල්ගේ ආණ්ඩුවට නොගහා දැන් රනිල්ට control නැති ජනාධිපතිට ගහන්න යොදාගෙන…කුක්කාගේ බිරිල්ල හාම්පුතාලගේ උවමනාව අනුවයි.

        • tikka says:

          පහුගිය ලිපි ලේඛන සියල්ල කියවා බැලීමේදී රංජිත් විතානගේ වැඩිවශයෙන්ම චෝදනා එල්ල කර ඇත්තේ රනිල්ටය. සිරාවටම සිරා ගොහින් බලපං. අපිට කාටවත් කඩේ යන්න රෙදි අපුල්ලන්න ඕනෙ නෑ.. ඒත් ඔය පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඇත්තටම බොක්කෙන් පාරිභෝගික ප්‍රශ්ණ ගැන හඬක් නැගුවා..

          • politics says:

            හරි හරි..ඉස්සෙල්ලාම කියපන්කෝ මුං NGO ද නැද්ද කියලා … මුංට පිටරටවලින් අාධාර එනවද නැද්ද ?

      • ajith says:

        මෙකා අහන්නේ අපේ රටේ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ආදාර දෙන්නෙ මොන එකෙන්ද කියලයි. මේ සිරා පොලිටිකා යන්නෙ කොහෙද මල්ලෙ පොල්!!

  4. kamal says:

    ලංකාවේ මත්ද්‍රව්‍ය වලට විරුද්ධව එඩිතර සටනක් කරන සිරිසේන නුඹට පින්
    ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇති රනිල්ගෙන් අපිට මෙය බලාපොරොත්තු වෙන්න බැ. ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි සංස්කෘතියක් තිබෙන ගෝඨාබයගෙන් හෝ මහින්දගෙන්ද මෙය බලාපොරොත්තු වෙන්න බැ. ජාතියේ පිනට පහල වුන සිංහල සංස්කෘතියක් තියෙන සිරිසේනගෙන් අපට අමද්‍යප සටනක් එදා අනගාරික ධර්මපාල තුමා කර සටනට ආරම්භයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්

  5. Parakum says:

    Please Name & Shame the Politicos involved in this trade. You can name them inside the parliament lobby.

Main News