උපදේශකයින් 58 චෝදනාව කිරිඇල්ල පිලිගනී.. රාජ්‍ය මුදල් දැවැන්ත අවභාවිතාවට පරීක්‍ෂණ කිසිත් නෑ..

February 10, 2017 at 9:20 am | lanka C news
උපදේශකයින් 58 චෝදනාව  කිරිඇල්ල පිලිගනී.. රාජ්‍ය මුදල් දැවැන්ත අවභාවිතාවට පරීක්‍ෂණ කිසිත් නෑ..

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලගේ උපදේශකයන් ලෙස කටයුතු කරනු ලැබූ පුද්ගලයන් 58 දෙනා එම තනතුරුවලින් ඉවත් කල බව ඇමති කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔවුන් එම ධුරයන්ගේ කටයුතු කරනු ලැබුවේ වසරක කාලයකට පමණක් යයිද කී ඔහු එම පිරිස ඉවත් කරන ලද බව කෝප් කමිටුවට ලිඛිතව දැන්වූ බවද සදහන් කලේය.

කෙසේ වෙතත් විපක්‍ෂය විසින් චෝදනා කරන්නේ මෙම පිරිස සදහා වැටුප් වාහන ඇතුළු දීමනාවලට මාසිකව රජය විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරනු ලැබ ඇති බවත් එය රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත්ය.

ඒ සම්බන්ධයෙන් කිසිදු නීති ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවටද විපක්‍ෂය දැඩිව චෝදනා කරයි.

15 views

7 Comments to “උපදේශකයින් 58 චෝදනාව කිරිඇල්ල පිලිගනී.. රාජ්‍ය මුදල් දැවැන්ත අවභාවිතාවට පරීක්‍ෂණ කිසිත් නෑ..”

  1. රටවැසියා says:

    මේක පරීක්ෂා කරන්නෙ ඊලග ආන්ඩුවෙ FCID එකෙන්. කූඩුවට නගින්න ලෑස්තිවෙලා ඉන්න

  2. ගජයා says:

    බොරු කියන්නේ ….කට්ටිය තාම වැඩ.

  3. Champa says:

    එහෙම කොහොමද? එහෙම හරි යන්නේ නැහැ. මේක ගැන අනිවාර්යයෙන්ම FCID පරීක්ෂණ පවත්තන්න ඕනේ. මේ අවුරුද දෙකට 58 දෙනෙක් වාහන අවභාවිතා කිරීම නිසා වෙච්ච පාඩුව ගැන බලලා, අවභාවිතාවට අනුබල දුන්නට කිරිඇල්ලට විරුද්ධව නඩු දාන්න ඕනේ.

    පූජිත කිව්වනේ නීතිය කාටත් එකයි කියලා. එහෙනම් විමල්ට බලපාන නීතියම කිරිඇල්ලටත් බලපාන්න ඕනේ. නැත්නම් විමල්ව නිදොස් කොට නිදහස් කරන්න ඕනේ.

  4. Nareen says:

    Meyaa nelum malen upanna ekekda?

  5. Donald Isuru Wilegoda says:

    Any idiot can function as a minister if they have over 50 advisors.

  6. Janidu says:

    Yako 58k upadeshakayo ? Janadhipathi hari agamathi nam kamak nai kiyanna puluwan. Eeth mai wage amu buruwek.. mervin silvata tharan wat muuta molai nai habai usas adayapana amathi.. !! Rata ballata gihin thiyenne napunsakayo rajawela

Main News