උපදේශකයෝ වැඩිවෙති.. පරස්පර උපදෙස් නිසා කෘෂිකර්මය අවුල් ජාලයක් වෙයි.. කුපනි විරෝධය..

September 22, 2016 at 5:30 pm | lanka C news
උපදේශකයෝ වැඩිවෙති.. පරස්පර උපදෙස් නිසා කෘෂිකර්මය අවුල් ජාලයක් වෙයි.. කුපනි විරෝධය..

අද වන විට කෘෂිකර්ම උපදෙස් ලබාදීම පාර්ශ්ව කිහිපයක් සිදු කිරීමත් එම උපදෙස් පරස්පර වීමත් නිසා තමන් ගොවි ජනතාව සමග කටයුතු කරද්දී දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ශ‍්‍රී ලංකා කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද වන විට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ක‍්‍රියාත්මන ජාතික ආහාර නිෂ්පාදන ඒකකය විසින් උපදෙස් ලබා දුන්නත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ලබා දෙන්නේ ඊට හාත්පසින් වෙනස් උපදෙස් බවද සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ශාන්ත අතපත්තු මහතා පවසයි.

මේ සියලූ කණ්ඩායම් ලබාදෙන සියලූ උපදෙස් ගොවිබිම්වල ක‍්‍රියාත්මක කිරීමට යාමේදී උපදෙස් එකිනෙකට පරස්පර නිසා ගැටලූ රාශියකට මුහුණ ධීමට සිදුවන බවද ඔහු පවසයි.

161 views

2 Comments to “උපදේශකයෝ වැඩිවෙති.. පරස්පර උපදෙස් නිසා කෘෂිකර්මය අවුල් ජාලයක් වෙයි.. කුපනි විරෝධය..”

  1. sunimal says:

    ඔය කවුරුවත් කියන දේ අහන්නේ නැතිව උඹල උඹලට කැමති දේ කරපල්ලා … දැන් රට යන්නේ ඒ විදියට …. එක එකා තම තමන්ට ඕනේ දේ කරනවා ..රට අයාලේ යනවා……

  2. Choppre says:

    මගුලක් කතා කරනවා . කුපනිසල කියල ගොන්නු සෙට් එකක් දැම්මේ මහින්ද මහත්තයනේ

Main News