‘උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ..’ – FCID නිලධාරීන්ගේ නිවෙස් වටලන්න සූදානම්..

January 19, 2017 at 3:28 am | lanka C news
‘උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ..’ – FCID නිලධාරීන්ගේ නිවෙස් වටලන්න සූදානම්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නත් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පිවිතුරු හෙල උරුමය විසින් ඊයේ දින පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වීය.

එහිදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ.

ජනවාරී මාසයේ 10 වැනිදා කොටුව මහෙස්ත්‍රත් උසාවියේ දී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දුන්නා විමල් විරවංශ මන්ත්‍රිතුමා වාහන අවභාවිතයට සහාය දුන්නා කියන්න එක පෑන් ඉරක සාක්ෂියක් නෑ. නමුත් ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් වාහන අවභාවිතා කල බවට ලිඛිත සාක්ෂි තිබිය දී මේ දෙන්නා අත්අඩංගුවට නොගෙන විමල් විරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත්තේ කුමණ පදනමකින්ද කියලා.

පොලිසිය කිව්වේ අපේ විමර්ශණ තාම ඉවර නෑ. ඉදිරියේ දී ඒ අයවත් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ක්‍රියා කරනවා කියලයි. මහෙස්ත්‍රත්තුමිය නියෝග කරා අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නියෝගය දීලා අදට දින 8ක් වෙනවා ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් නිදහසේ එළියේ සැරිසරමින්, ඔව් අපි වාහන භාවිතා කරා කියනවා. මේ පොලිසියට ඒ අය තාම අත්අඩංගුවට ගත්තේ නෑ නෙවෙයි ගන්න බෑ. මොකද ඒ අය කොළ පාටයි. ඒ අය ආණ්ඩුවේ නිසා.

ඉස්සර කිව්වේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා. දැන් ඒක වෙනස් කරන්න වෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ කියලා. ඒනිසා ආණ්ඩුවට එකතු වුණොත් වැරදිකරුත් නිවැරදිකරු වෙනවා ආණ්ඩුවට එරෙහි වුණොත් නිවැරදිකරුත් වැරදිකරුවෙනවා.

මේක දේශපාලන විරුද්දවාදීන්ගෙන් පලිගන්න හදපු හිට්ලර්ගේ ගෙස්ටාපෝ පන්නේ පොලිසිය වගේ තමයි FCID කියන්නේ. ඒනිසා මොවුන් දේශපාලන විරුද්දවාදීන් නැති චෝදනා හදලා අත්අඩංගුවට ගද්දි චෝදනා වලට පැහැදිලි ලිඛිත සාක්ෂි තිබෙන ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්න වැනි ආණ්ඩුවේ ඉන්න අය නිදහසේ නිදැල්ලේ ඉන්න ඉඩදීලා තියෙනවා. අද අපි FCID එක ඉදිරිපිටට ආවේ ඒ මහේස්ත්‍රාත්තුමිය දුන්න නියෝගය ඉටු කරන්න තාමත් තමුන්ට බැරි වුණා නේද? ලැජ්ජයිනේද මහත්තයෝ කියලා FCID එකෙන් අහලා යන්න.

මීලග උද්ඝෝෂණය FCID මහත්වරුන්ගේ ගෙවල් ඉදිරිපිටයි

නමුත් අපි එනවා කියලා ආරංචි වෙලා. අපිට ලැබුණු තොරතුරු අනුව අද උදේම FCID මහත්වරුන් අධිකරණ නියෝගයක් ගන්න ගිහින් තියෙනවා මේ උද්ඝෝෂණය තහනම් කරන්න කියලා. වාසනාවකට අධිකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එන පාරවල් වහලා බාදක දාලා කුළු පොලු හමුදාව ගෙනල්ලා ජල ප්‍රහාරක ගෙනැල්ලා අපි එන එක නතර කරන්න ගන්න පුළුවන් සියළුම උත්සහයාන් දරලා තියෙනවා. අපි අහන්නේ මේ රටේ ජනතාවට රාජ්‍ය ආයතනයක් ඉදිරියට ගිහිල්ලා සමකාමීව උද්ඝෝෂණය කරන්න බැරිද? මේකද ප්‍රජත්‍රන්තවාදය මේකද යහපාලනය. හැබැයි මහත්තයෝ ජලප්‍රහාරක යාත්‍රවලට නම් බයවෙන්නේ නෑ. අපි ආවේ සාමකාමිව විරෝධය පලකරන්න අපි ඒක මෙතන කරලා යනවා. හැබැයි ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගත්තේ නැත්නම් මෙතෙන්ට එන්නත් එපා කියනවා නම් අපි ඊළගට උද්ඝෝෂණය කරන්නේ FCID එකේ ලොකු මහත්වරුන්ගේ ගෙවල් ඉස්සරහ කියන එක අපි FCID නිළධාරින්ට මතක් කරනවා.

නීතිය නවන වැල්ඩින් බාස් පොලිස්පතිතුමාටත් අපි කියන්න කැමතියි නීතිය නැමුවට කමක් නෑ ඔබතුමා වැඩිය නැවෙන්න එපා යටට ඇදලා තියෙන කොළපාට ඇඳුම් පෙනේවී මොකද අද FCID එකේ ඉන්නේ කොළපාට ඇඳුම් ඇදලා ඊට උඩින් කාකිසුට් ඇදගත්ත නිලධාරින්. මේක කෙලින්ම එජාප පොලිසියක් මිසක් ජනතාවට යුක්තිය ඉටුකරන පොලිසියක් නෙවෙයි. ඒ නිසා ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගන්න තුරු අපේ මේ උද්ඝෝෂණ නතර කරන්නේ නෑ.

මහත්මාගාන්ධිතුමා තමන්ගේ අවිහිංසාවාදි සටනේ දී නිරන්තරයෙන් සිරගත වුණා. එතුමා හැමදාව කිව්වේ මරණයටත් වේදනාවටත් හිරගෙදරටත් බය නැති කෙනෙක් විදිහට මාව නතර කරන්න ඉංග්‍රිසි අධිරාජ්‍යට බෑ කියලා. අපි හිරගෙවල් වලට, මරණයට බය නෑ. ජනවාරී 07වෙනිදත් අපි පොලිසියෙන් හොදට කැවා. ඒ වෙදනාවන්ට අපි බය නෑ. ඒ නිසා මහත්තයෝ කාකිසූට් පෙන්නලා අපිව බය කරන්න බෑ. රනිල් මහත්තයෝ අලුත් ක්‍රමයක් හොයා ගන්න පුජිත බිල්ලට අපි බය නෑ. කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

21 views

5 Comments to “‘උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ..’ – FCID නිලධාරීන්ගේ නිවෙස් වටලන්න සූදානම්..”

  1. kalpana says:

    Well done. Chase these Sirikotha police force. These fellows must be ready to answer for the crimes they do now when the next govt. comes.

  2. රනිල් says:

    ඔය මාරසිංහ මන්ත්‍රී තුමා විශ්ව විද්‍යාල කාලෙදිත් එක එක කපටි වැඩ කලා කියල කොළඹ විශ්වවිද්‍යාලෙ ඒ කලේ හිටිය ගොඩක් කට්ටිය කියනවා . ඒ කතා ඇහුවහම මෙතුමා මහාචාර්ය කෙනෙක් වුනාට දේශපාලනයට උපන් හපන් කෙනෙක් කියල තමා ඕනෑම කෙනෙකුට හිතෙන්නේ

  3. Ratata adare says:

    විරුද්දවාදීන් බොරු නඩු දාල හිරේ දානකොට, සුදු වෑන් වලින් උස්සනකොට, කෝටි ගනන් කොමිස් ගසමින් රට හූර කනකොට, නෑයින්ට කෝටිපතියන් වෙන්න දෙනකොට, කුඩු ගේන ලන්සලාව ඉඹිනකොට මේ ගමන් පිල සින්හයා නැට්ට ….ගහගෙන හිටියේ. ඔබගේ වෙලාවත් වෙලාවට එයි. හොර තක්කඩියො ටික හොඳටම බය වෙලා පොලිසියත් බය කර ගන්න බලන්නේ. ඉස්සර පොලිසිය වැඩ කරපු හැටි අපිට අමතක නෑ මහත්තයෝ. අද පෙලපාලිවලට වෙඩි තියන් නැති හින්ඳා වීරයෝ…

  4. Sakitha says:

    ජය වේවා. විමල් මහත්තය මේ වන්චාවලට සම්බන්දයි කියන්න කිසිදු සාක්ශියක් නෑ. බොහොම පැහැදිලියි විමල් මහත්තයගේ පවුලේ අයටයි,හිත මිත්‍රයින්ටයි, පක්ශේ සාමජිකයන්ටයි වාහන දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නෙ ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න මැතිතුමාත් කියන එක බොහොම පැහැදිලියි. විමල් මහත්තයට කිසිම වුවමනාවක් නෑ තමන්ගේ කට්ටියට වාහන දෙන්න. හැබයි මේ අමන පාලනය සාක්ශි මොකුත් නැතුව විමල් මහට්තයව හිරගත කරලා. මේකද යහපාලනේ? වාහන ගත්ත අය විම්ල් මහත්තයගේ හිතවත්තු වීමද එතුමා කරපු වරද? හිර කූඩු සීයක දාල වත් හෙල පුතුන් නිහඩ කරන්න බෑ කියල මෙම යම පාලකයින් දැන ගත යුතුයි.

  5. Dayani says:

    Without proper manners, and good education, our police force is the worst now.!! They think warering a Khaki suit gives them all the authority to abuse people and their rights.!!! Sometimes they use filth, that’s the standard of police, from top to bottom not disciplined.!!
    What can you expect from bunch of unruly, highly politicalized, under educated police department can do??
    Well, don’t expect any thing as we know who is behind.!! Jealous of Uni. Students, as the police is not that qualified they manhandle everyone, water cannon who ever they are told, with the orders from higher authorities.!!
    What a shameless bunch are they???

Main News