උපන් ගමන් බිලිදෙක් කාසල්රි ජලාශයට විසි කරයි..

August 17, 2019 at 5:30 pm | lanka C news
උපන් ගමන් බිලිදෙක් කාසල්රි ජලාශයට විසි කරයි..

කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු පිරිමි බිලින්දෙකුගේ මල සිරුරක් අද (17) සොයා ගත් බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ කාසල්රි ජලාශයට එක් වන ස්ථානය වන දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේ මෙම බිලිදු සිරුර පාවෙමින් තිබි හමු වු  බව පොලිසිය පැවසුවේය.

කාසල්රි ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයන් විසින් ජලාශයේ පාවෙමින් තිබු බිලිදු මල සිරුර දැක එ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දි ඇත.

උපන් විගසම බිලින්දාගේ මල සිරුර දික්ඔය ඇළට දමන්නට ඇති බවත්, පසුගිය දින කිහිපය තුල ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය සමග සිරුර කාසල්රි ජලාශයට ගසාගෙන එන්නට ඇති බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.

කාසල්රි ජලාශයේ තිබු හමු වු බිලින්දාගේ   සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,266 Viewers

5 Comments to “උපන් ගමන් බිලිදෙක් කාසල්රි ජලාශයට විසි කරයි..”

  1. කුෂාන් says:

    උදේ හවා බණ කියන රටකට මොකද මේ වුණේ, ධර්මද්වීපයේ ඉරණම වගේ ගොං ටෝක් දාන වාහෙලාට දැනගන්නයි මේ කියන්නෙ. මේ බිළිඳා දෙමළ.

    • Karma says:

      Demala unath ae daruwa manussayek noweida. Kohomath ape rate aparada wadiy dan. Nugathkama dilindukama mewani aparadawalata mula.

      • JOHN says:

        වතු දෙමළ කල්ලතොනින්ගේ වැඩක් ..උන්ට හිතක් පපුවක් නැහැ

  2. Sandun Dhammika says:

    ලලක්කල මීට වඩා සාදාරන හිත හොද අක්කල. සමාජයන් මොන ග්රහුම් තිබුනත් මෙහම අලුත උපන් ලමයක් මෙහම ගගේ දන්නේ නැහැ.
    මේවා මේ රටේ වෙනවා අහලා අද පාඩුවේ නිදා ගන්නේ කොහොමද ?

    • Love nature says:

      මිනිස් ජිවිතයක වටිනාකමක් නොදන්නා කාලකන්නි ..මේ කල අපරාධකාරයා හෝ අපරාධකාරිය වහාම අත්අඩංගුවට ගත යුතුයි

Main News