උපන් දින පාටියේ ගුටි කෙලියක්… අයෙක් මරුට…

June 14, 2022 at 8:02 am | lanka C news
උපන් දින පාටියේ ගුටි කෙලියක්… අයෙක් මරුට…

මුලතිව් මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ පැවති උපන්දින සාදයකට සහභාගී වූ පුද්ගලයෙකුට සිදුකරන ලද පහරදීමකින් එම පුදගලියා මිය ගොස් සිටියදී 12 රාත්‍රියේ මළසිරුරු සොයාගත් බවට පොලීසිය පවසයි.

මිය ගිය පුද්ගලයා පාලිනගර් ප්‍රදේශයේ පිහිටි උපන්දින සාදයකට සහභාගී වී ඇතතේ අනාරාධිතව වන අතර එහිදී කිසියම් බහින්බස්වීමක් වී එම පුද්ගලයා නැවත නිවසට එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී ඇති බවට පොලීසිය සැක පලකර සිටියේය.

මිය ගිය පුද්ගලයාගේ හිස ප්‍රදේශයේ කැපුම් තුවාල රැසක් දක්නට ලැබෙන බවටත් ඝාතනයක් බවට සැක පල කරන බවටද ඝාතකයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාලිනගර් වව්නිකුලම් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර මළ සිරුර කිලිනොච්චිය මාංචෝලෙයි රෝහල් මෘතශරීරාගාරයේ පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් තැන්පත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,585 views
Main News