උපරිම විදුලි කප්පාදුව පැය පහක්… ජල විදුලිය උපරිමයට ලං වෙමින්..
May 18, 2022 at 3:10 am | lanka C news
ජලපෝෂ පෝෂක ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබීමත් සමඟ උපරිම විදුලි කප්පාදුව පැය පහක් පමණක් වීමට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
ඉන්ධන බලාගාර වලින් දැනට ක්‍රියාත්මක වන්නේ සොජිස්ට් හා වෙස්ට්කෝට් බලාගාර පමණක් බව ද ඒවායෙද ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින දෙක තුනකට පමණක් බවත් සංගමය කියයි.
අනෙක් සියලු තාප බලාගාර අක්‍රීය කර ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක වෙමින් ඇතැදි ඔවුන් කියා සිටිති.
කෙසේ වෙතත් තාප සහ සුළං විදුලි නිෂ්පාදනය ඉහළ යාමත් සමග උපරිම විදුලි කප්පාදුව පැය 5ක් පමණ වනු ඇතැයි සංගමය තවදුරටත් පැවසීය.
හපොයි සංගමයෙ උන්ට ජරාව නැති වෙනවා.ඉවසන් ඉදපල්ලා හැමදාම වැසි නෑ.
එහෙනං ඉතිං ඔය ජලාස වල වතුර ටික හිස් කොරමුකො , ( ඔය මොකක් හරි බරසාර , විද්‍යාත්මක හේතුවක් හදා ගන්න බැරුවයැ ) එතකොට ඒක වත් වැඩියෙන් දෙතෑකි නේ ( ලයිට් කපන කාලෙ ) .