උපවාසය වැරදි යයි විපක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී රතන හිමිට දැඩි විරෝධය.. රතන හිමි නැගිට යන්න යයි…

July 10, 2019 at 10:00 am | lanka C news
උපවාසය වැරදි යයි විපක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී රතන හිමිට දැඩි විරෝධය.. රතන හිමි නැගිට යන්න යයි…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02දී පැවතියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

රතන හිමියන් විසින් සිදුකරන ලද මාරාන්තික උපවාස නිසා රිෂාඩ් බදුර්දීන්ට ඇමතිවරයාට එරෙහිව ගෙනවිත් තිබූ විශ්වාසය යටපත්කිරීමට හැකිවූ බව අලූත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

එම උපවාසය නිසා ආණ්ඩුව විශ්වාසභංගය මගහැර ගිය බවද බදියුදීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් ඔහු චෝදනා කර තිබේ.

නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රතන හිමියන් පෙන්වා දී ඇත්තේ ඒ මොහොතේ පැවති තත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක්‍රියාව තමන් විසින් කළ බවයි.

එම අවස්ථාවට සහභාගි වූ සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද උපවාසයට විරුද්ධව අදහස් දක්වා තිබේ.

විවාදය දිගින් දිගටම පැවති නිසා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී එය නවතා දමා ඇත.

ඒ සමගම රතන හිමියන් රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර විපක්‍ෂ නායකයරවයාගේ ඉල්ලීමද නොතකමික් හිමියන් රැුස්වීමෙන් පිටත්ව ගොස් තිබේ.

35,556 Viewers

13 Comments to “උපවාසය වැරදි යයි විපක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී රතන හිමිට දැඩි විරෝධය.. රතන හිමි නැගිට යන්න යයි…”

  1. john says:

    Very good. We dont need traitors even as a monk

  2. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    අතුරලියේ රතන හාමුදුරැවන් කරන්නේ මෝඩ ගොං තකතිරැ වැඩ.
    ඔය දැං ඉන්නෙ ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවා වගේ.

    • ගුනේ says:

      “හෝකන්දර ව්‍යාඝ්‍රයා” යයි විරැදාවලිය ලත් ගරැ විමල් වීරවංශ මැතිතුමාගේ කාහල නාදය හමුවේ ගරැ රතන හිමි පලා ගියේය.

  3. Sam says:

    He is the bloody cunning traitor. Ate from both governments & destroyed the country. He has done the damage.

  4. අංකූරා says:

    රතන හිමි නොදන්නා දේශපාලනයට ගිහින් රටට විශාල හානියක් කලා !!.

  5. රටෙ එකා says:

    පොහොට්ටුවෝ හිතාගෙන ඉන්නෙ උන් දැනටම දිනලා ඉවරයි කියලා. මුස්ලිම් චන්ද 0%. දෙමල චන්ද 10%. සින්හල චන්දත් නැති කරගන්න හදනවා. කරුනාකරලා මේක ගෝටටයි, මහින්දටයි, විමල්ටයි වගේ මොලයක් ඇති එවුන්ට හැන්ඩල් කරන්න දීලා ඔය කසුප්පු කාරයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න.

  6. අප්පුහාමි says:

    වසලයෝ 225ම උන්ගේ පිරිවර ,පරපුර හා දැසි දැස්සන් සමගම එලවා දමමු
    වසලයන්ගේ ග්‍රහණයට හසු වී ඇති මව්බිමත්, මිනිස් ජීවිතත් වසල උවදුරින් මුදවා ගමු.
    වසලයන් එලවා, රටේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කර ඇති වසල මාෆියාව බිද නීතිය,යුක්තිය,සාමය,සාර්ධරම රජයන රටක් බිහිකර ගමු.

    • සකලබුජන් says:

      අප්පුහාමි පිට්ටු හොරා පොල්බඇයට තට්ටු කරා

    • Norata Eka says:

      මීට- රනිල්ගේ සුරතල් රතු අලි පැටියා…

  7. gamarala says:

    ”ඒ මෝඩකම නම් ආය කරන්නේ නෑ, රතන හිමි දැන් කියනවලු

  8. Jagath Silva says:

    Me rasveema lichchvavi kramayata newei

  9. MD says:

    RATANA HIMIYAN ME KARNNE 2014 ANDUWA KADAGENA GOS KARAPU PAPAYATA wandi gewimai

  10. Nuwan says:

    රතන සාදු උපවාසයක් කරලා ඉෂ්ට කරලා දුන්නේ චම්පික රණවකගේ උවමනාවක්. දන්නෝ දනිති. හෙළ උරුමේ ඉන්න ඔක්කොම game කාරයෝ.

Main News