‘උපවාස අතරතුර විමල් මියගිහින්..’ අන්තර්ජාලයේ වාර්තා පලවේ..

March 27, 2017 at 10:25 pm | lanka C news
‘උපවාස අතරතුර විමල් මියගිහින්..’ අන්තර්ජාලයේ වාර්තා පලවේ..

වැලිකඩ බන්ධනාගාරයේ සිට උපවාසයක් ආරම්භ කර ඇති ජාතික නිදහ්ස පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා උපවාසය අතරතුරදී මිය ගොස් ඇති බවට ඇතැම් අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා ගිණුම් ඔස්සේ සිදු කරන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මන්ත‍්‍රීවරයාගේ ජීවිතයට අවදානමක් ඇති බව සැබෑ මුත් මේ වන විටත් ඔහු ජීවත්ව සිටින්නේ යයිද සදහන් කරන එම පක්‍ෂ ප‍්‍රකාශකයා කියා සිටියේ දේශපාලන හතුරන් විසින් කරනු ලබන ඒ ආකාරයේ පහත් ප‍්‍රචාරයන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බවද කියා සිටියේය.

76 views
Main News