උපාධිදාරින් 16,000කට මේ මස අගදි පත්විම්…

July 22, 2019 at 2:02 am | lanka C news
උපාධිදාරින් 16,000කට මේ මස අගදි පත්විම්…

වත්මන් රජය යටතේ උපාධිදාරින් දහසය දහසකට මේ මස අගදි පත් විම් ලබා දිමට රජය කටයුතු කරන බව මාර්ග මහ මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සංවර්ධ අමාත්‍යය කබිර් හෂිම් මහාතා පවසයි.

අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ එම අමාත්‍යංශයේ රු මිලියන 319.8 ක ප්‍රතිපාදන  යටතේ හැටන් ෂැනන් සිට  වැලිඔය හරහා වටවල දක්වා කිලොමිටර 10 දුර ප්‍රමාණයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරිමෙන් පසු පැවති රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය කබිර් හෂිම් මහතා කියා සිටියේ උපාධිදාරින්ට පත් විම් ලබාදිමේදි දමිල භාෂාව කතා කරන උපාධිදාරින්ටත් උපාධි ලබාදෙන බවයි.

මේරටේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි මාස තුන තුල රැකියා අවස්තා ලබාදෙන බවද අමාත්‍යයවරයා පැවසිය.

2015 වසරේ වතමන් රජය බලයට පත් විමේදි විශාල ණය බරක්, කුණු කන්දක් , සයිටම් ගැටළුව , ජාතින් අතර අසමගිය , ඇතුළු ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ රට භාරගත් බවයි.

එම ප්‍රශ්න නොමැතිව තිබුණා නම් මිට වඩා වත්මන් රජය යටතේ රටට  වැඩ කිරිමට හැකියාව තිබු බවද අමාත්‍යයවරයා පැවසිය.

වසර 4 ක් ජාතික ආණ්ඩුවක් යටතේ රට පාලනය කල බවත්, ගත වු මාස 6 කාලය තුල එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වත්මන් රජය පවත්වාගෙන යන බවද අමාත්‍යයවරයා පැවසිය.

කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිමේ අවස්තාවට කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා ද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

18 views
Main News