උපාධිදාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…

November 9, 2021 at 12:00 pm | lanka C news
උපාධිදාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…

සෑම උපාධිධාරීයකුටම රජයේ රැකියා දෙන ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බාධාවක් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.

කොළඹ විශ්ව විදයාලයේ පරිගණක විද්‍යා අධ්‍යාපනය පිළිබදව හිටපු කථිකාචාර්යකු වන එම මහතා 2000 දී පාසල් පද්ධතියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදුන්වාදීමට නායකත්වය ලබා දෙන ලදි.

ඔහු අමාත්‍යංශ රැසක හා ආයතන රැසක උපදේශක ලෙස කටයුතු කර ඇත.

දිලන්ත විතානගේ මහතා ජාතික උපාධි මධ්‍යස්ථානයේ සේවය කරන අතර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිමේ අයිතිය තහවූරු කිරීම සදහා ” සැමට උපාධියක්” තේමාව ප්‍රවර්ධනයට නායකත්වය දෙනු ලබයි

O/L වලින් පසු අවුරුදු 03කින් උපාධියක් ලබාගතහැකි බව තරුණ ප‍්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු තව දුරටත් පැවසීය.

අන්තර්ජාල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

95,115 views

21 Comments to “උපාධිදාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…”

  1. SL says:

    ඕක ඉතින් කැට හොල්ලන නඩේට තේරෙන්න උන්ට සමාජ අවභෝදයක් නෑ.පංතිපහ තාමා සියල්ල කියල දෙන්නෙ

    ආර්ට් ෆැකල්ටි වලට තමා බහුතර සිසුන් ගන්නෙ.මොනවට ද????
    රැකියා ලැබෙන විෂයන් වලට දරුවන් යොමු කරන්න ඕනෙ.එතකොට පාරෙ උද්ගෝෂණ වලට කාලයක් නෑ.

    • අනේ අපොයි says:

      ඉතාම පැහැදිලියි ඔබගේ තියෙන්නේ බුර බුරා නගින තරහක් වෛරයක් , හීනමානයක් ඔබට සරසවි වරම් නොලබුනට, හිත කණගාටු කරගන්න එපා මිත්‍රයා තව ක්‍රම තියනවා , හැබැයි තරහ අතහරින්න ඔබට ජය SL

      • බයියා says:

        රජයේ විශ්ව විද්‍යාල වල වගේම පුද්ගලික විශ්වවිද්‍යාල වලත් ඉගෙනගත්ත එකෙක් විදියට , ඔය දෙගොල්ලම තමන්ට තියෙන සම්පත් පරිහරණය කරන විදිය දැකපු එකෙක් විදියට කියන්න තියෙන්නෙ එතුමා කියපු දේ සම්පූර්ණ ඇත්ත බව. ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වහලා දාල ඒවගෙ එළුකොටු ඌරු කොටු වගේ දේවල් දැම්මොත් තවත් වැඩියෙන් ඒ සම්පත් වලිනුත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි.

    • Amda says:

      සෑම උපාධිධාරීයකුටම රජයේ රැකියා දෙන ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බාධාවක් කියන එක නම් යම්තාක් දුරකට ඇත්ත.
      ගුරු – හෙද වගේ රැකියා වලට හැර ඉවරයක් නැතුව ඇඩ්මිනිස්ට්‍රේටිව් තනතුරු වලට බඳවා ගැනීම රජයට බරක්.
      අනික, එන හැම රජයක්ම තමුන්ට වැඩ කරපු අයට සහ තමුන්ගෙ ආසන වලට රජයේ රැකියා ඉවරයක් නැතුව බෙදනවා..ඊට පස්සෙ ඒ අයට පඩිනඩි, පහසුකම්, පෙන්ශන්…මේ සියල්ල බරක් තමයි.

      රජයේ උපාධිධාරීන් පුද්ගලික අන්ශයට කැමති නැත්තේ අයිස් ගහන්න, පන්දම් අල්ලලා ගොඩ යන්න ඇති අවස්ථා අවම වීම සහ ඉන්ග්‍රීසි භාශාව පිලිබඳ ප්‍රශ්නයයි. ඒවගේම පුද්ගලික අන්ශයද හොඳින්ම දන්නා කෙනෙක්ගේ reference මත මිසක රජයේ උපාධිධාරින් වද්දා ගන්නෙ නැත්තේ උද්ඝෝශන, ස්ට්‍රයික් වැනි අනවශ්‍ය කරදර වලින් වැලකී සිටීමටය.

      සාමාන්‍ය පෙළින් පසු වසර 3කින් ගන්න උපාධියේ තරම නම් ඕනෑම අයකුට සිතාගත හැකිය…දන්න තරමින් උසස් පෙලට පෙනී නොසිට ගන්න උපාධිය සාමාන්‍ය උපාධියට වඩා වසරකින් වැඩි මිසක අඩු නොවේ.

      • diploma says:

        උසස් පෙලින් පසු සාමාන්‍ය උපාධියක් ගන්න වසර තුනක (3) උපාධි අධ්‍යාපනයක් ලැබිය යුතුයි. නමුත් සාමාන්‍ය පෙලින් පසු කෙල්ලින්ම උපාදියක් කරනවානම් අමතර වසරක් ඒ කියන්නේ වසර හතරක් (4) ඉගන ගතයුතුයි. නමුත් උසස්පෙළට වැය කරන වසර තුන අඩු වුනාම ශුද්ධ කාලය වසර දෙකකින් (2) අඩු වෙනවා. එනිසා උසස් පෙළ නොකර උපාදිය වසර දෙකක් කලින් ගන්න පුළුවන්.

  2. hik hik says:

    මුන් වගේ උන් විශ්ව විද්‍යාලයක කතිකාචාර්යවරයෙක් විදියට තියාගත්තනම් තම පුදුමේ.

    • මහා පොලවටත් බරක් says:

      බොලා වගේ ආණ්ඩුවෙන්ම කාල බීල මැරිලා යන්න තමා කල්පනාව නේද.

      උඹලට රටේ ඉන්න හැම එකාටම පුටු රත්කරන්න රජයේ රස්සත් ඕනේ ,පෙන්ෂනුත් ඕනේ, රජයේ වියදම් අඩුවෙන්නත් ඕනේ, ඩොලර් එක රුපියලට වඩා පහත් වෙන්නත් ඕනේ , වී මිල වැඩි වෙන්නත් ඕනේ, හාල් මිල අඩුවෙන්නත් ඕනේ, විදුලි බිල අඩුවෙන්නත් ඕනේ, ගෑස් මිල අඩුවෙන්නත් ඕනේ..

      කොටින්ම උඹලට නිදහස් අධ්‍යාපනය දීල , රටට බරක් වෙන විදියට මේ රටේ ඉන්න දෙන එකත් පාඩුයි

  3. Begger says:

    පාරෙ රස්සා හිගන මාක්ස්වාදියො ටික කෝ්

  4. හිගන මාක්ස්වාදියො says:

    මෙතුමා ඉස්සරකලේ තාර ද මේල් සමඟ එකතුවී පරිඝනක අධ්‍යාපනය ඉහල නග්වන්න කටයුතු කරා. ඒ කාලේ තාරා මෙතුමාට කතා කරේ ‘ඩොක්ටර්’ කියලා හැබැයි ආචාර්ය උපාධියක් නම් නෑ. පස්සේ ආපු අධ්‍යාපන ලේකම්වරු මෙයාට සැලකුවේ නෑ ඊටත් පස්සේ මෙයා තමයි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිතුමා වුනේ. නොර්වේ රටෙන් එහෙම සල්ලි අරන් ඔය සංවිධානේ ශක්තිමත් කරා. ඥානසාර හාමුදුරුවෝ එක්ක ක්‍රිස්තියානි පල්ලි වලට විරුද්ධව ක්‍රියා කරන කාලේ. තාමත් ඒ සංවිධානේ ඉන්නවද දන්නේ නෑ. දැන් නම් දහමින් සෙමින් ඉන්නවා වගේ පේනවා.

  5. නිදහස් අධ්‍යාපනය says:

    පසුගිය යහපාලන රජය කලා අංශයේ උසස් පෙළ විෂය නිර්දේශයට අලුතින් තාක්ෂණික විෂයන් 17ක් අඳුන්වලා දුන්නා. ඒ වගේම සෑම විවිද්යාලයකම තාක්ෂණික පීඨ පිහිටවූවා. දැන් කලා විෂය කරන ළමුන් අඩුයි. බහුතරය කරන්නේ කළා සමඟ තාක්ෂණික විෂයන්.

  6. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    අවුරුදු තුනෙන් දෙන්නෙ උපාධි නෙමේ diploma. ඕස්ට්‍රේලියාවට එංගලන්තෙට ගිහිල්ලා අපේ සල්ලිකාර ළමයි අරන් එන්නෙ ඩිප්ලෝමා. හැබැයි අම්මලා තාත්තලා විස්කි බිබී මහා අඩම්බරයෙන් කියන්නේ මගේ පුතා මගේ දුව එංගලන්තේ ඩිග්‍රිය කරා ඕස්ට්‍රේලියාවේ ඩිග්‍රිය කරා කියලා කයිවාරු ගහනවා.

    • Boo says:

      අවුරැදු තුනේ උපාධි ඔය කියපු හැම රටකම තියෙනවා. හැම උපාධියම නෙමෙයි සමහර ඒවා. අවුරැදු 3 සිට 6 දක්වා වන කාලයන් සදහා උපාධි තෝරගන්න පුලුවන්. ඉන්ටර්නෙට් එකේ හෙවුවනං දුසිම් ගානක් අවුරැදු 3 උපාධි හොයාගන්න පුලුවන්. නොදැනුවත්කම ආයුධයක් කරගැනීම ඔබට පාඩුවක්, මොකද දන්න අයගෙ සිනහවට ලක්වන නිසා.

    • පුංචි අම්ම says:

      එකනේ ලපය උගෙයි කියල හිතාගෙන ඉන්න ළමයත් රට ඇරලා ඉගැන්නුවේ. බොරුද හා.

    • දබ්බා says:

      ඔයා දන්න දෙයක් නෑ අනේ. ගිහින් චූ කරලා නිදා ගන්න.

  7. D.Nimal says:

    The man proposed of obtain of that “Degree” or “Diploma” is only purposed of a certificate oriented for that save for the Well do classes of few hands in our society to beings to Western countries. This not that 21st century Education in Island future students .

  8. D.Nimal says:

    The man proposed of obtain of that “Degree” or “Diploma” is only purposed of a certificate oriented for that save for the Well do classes of few hands in our society to beings by that Western countries. This not that 21st century Education in Island future students .
    Ours current Education system that will not that shifted to be RESILIENCE New path of school of thought of having no incommensurable of development.

  9. ප්‍රභාකරන් says:

    උපාධියක් තිබුණ පලියට රස්සාවක් දෙන්න ඕනෑ නැහැ. ලෝකයේ දියුණු රටවල් වල තමන් මහන්සි වෙලා රස්සාව හොයා ගන්න ඕනෑ. විශේෂයෙන් ලන්කාවෙ ජේවීපී කාරයෝ මේ අවස්ථාව වැරදි විදිහට පාවිච්චි කරනවා. උන් විශ්වවිද්‍යාලය තුලදී කැපී පේන්නට ජේවීපී කැට හොල්ලමින් කාලය ගත කරලා උපාධිය ගත්තාට පස්සේ ආන්ඩුව විසින් දෙන රස්සාව පාවිච්චි කරන්නේ අරගල කිරීමට සහ පවතින ආන්ඩු අපහසු තාවට පත් කිරීමටයි. හොඳම නිදර්ශනය තමා මේ ඊයේ පෙරේදා කොරෝනා බෝකරමින් පාරවල් දිගේ පෙලපාලි ගිහින් නටාපු නාඩගම. මුන්ට අධ්‍යාපනය නොමිලේ ලැබුණ නිසා ඒකේ වටිනාකම හරියාකාරව දැනෙන්නේ නැහැ. ගෙදර ඉඳලා පිං පඩි අරගෙන ලන්කාවෙ මුලු ලමා පරපුරේ අධ්‍යාපනය විනාශ කඩා බිඳ හෙලා අනාගතය විනාශ කරා. උපාධිය සඳහා රැකියාව අනිවාර්ය විය යුතු නැහැ.

  10. sunimal says:

    මේ අය විදේස ගතවීම නතර කල නොහැකි වෙනවා මෙයින් රජයට විසාල පාඩුවක් මේ තීරණය අහෝසි ක‍රන්න මේ අය අපේ රටට සම්පතක්. රජයේ මැති ඇමතිවරු වැඩිහරියක් නුගත් අය මේ අය රජයේ වැඩකට යුතු වල යෙදෙන්නේ කෙසේද?