උපාධිදාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…

November 9, 2021 at 12:00 pm | lanka C news
උපාධිදාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…

සෑම උපාධිධාරීයකුටම රජයේ රැකියා දෙන ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බාධාවක් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.

කොළඹ විශ්ව විදයාලයේ පරිගණක විද්‍යා අධ්‍යාපනය පිළිබදව හිටපු කථිකාචාර්යකු වන එම මහතා 2000 දී පාසල් පද්ධතියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදුන්වාදීමට නායකත්වය ලබා දෙන ලදි.

ඔහු අමාත්‍යංශ රැසක හා ආයතන රැසක උපදේශක ලෙස කටයුතු කර ඇත.

දිලන්ත විතානගේ මහතා ජාතික උපාධි මධ්‍යස්ථානයේ සේවය කරන අතර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිමේ අයිතිය තහවූරු කිරීම සදහා ” සැමට උපාධියක්” තේමාව ප්‍රවර්ධනයට නායකත්වය දෙනු ලබයි

O/L වලින් පසු අවුරුදු 03කින් උපාධියක් ලබාගතහැකි බව තරුණ ප‍්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු තව දුරටත් පැවසීය.

අන්තර්ජාල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

94,389 views

21 Comments to “උපාධිදාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…”

  1. LalithM says:

    කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය
    ගෙනාවේ කැට හොල්ලන්නයි ආණ්ඩුවෙ තනතුරු පුරවන්නයි කියල මම විශ්වාස කරන්නේ නෑ. රටට අවශ්‍ය බුද්ධිමතුන් ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණ ඇතිව. නමුත් ඒවායින් වැඩිපුරම එලියට එන්නේ වනපොත් කර විභාග සමත්වූ එළුවන් රෑනක්. උන්ට පෞද්ගලික අංශය අරහං. පින්පඩි සහ පගාව ආදායම කර ගන්න බලාගෙන ඉන්නේ.මේ ක්‍රමය නතර විය යුතුය. වැඩිපුරම කලා වාණිජ ධාරා සීමා කල යුතුමයි.

  2. futa says:

    Who is this Dilantha? He is not an academic of University of Colombo. Visiting lectures are not academics of University. These political supporters, make nice statements and media should check their profile before quotation their designation. Otherwise, anyone can say, I am a doctor or professor or lecturer (if someone has done a cleaning job).
    People do not understand what is higher education, do these rubbish comments. they think all these universities are like tutorizes.

  3. Disce ammata discede says:

    දිලන්ත වැඩක් නැති පැස්කල් අනිවාර්ය කරලා, මෝඩ සිංහල වචන IT වලට එකතුකරලා IT අද්‍යාපනය විකාරයක් කලාට මේ කියපු කතාව නම් ඇත්ත.

    ලංකාවේ මිනිසුන් හිතාගෙන ඉන්නේ නිකන් උගන්වල, රස්සා දීලා, පඩි ඉහල දාල, අඩුමිලට කන්නත් දෙන එක රජයේ වගකීමක් කියලා.

    ඔය නිසා ජෙප්පන් ඇතුළු පිං බතාල බෝවෙනවා. පාරවල් දිගේ රස්තියාදු වෙනවා.

Main News