උපාධිධාරීන්ට රස්සා දිමෙන් මුළු රටම මිලිටරිකරණය කරනවා.. මැටි බෝතල්, බතික් ඇදුම්වලින් සෘණ ආර්තිකය ගොඩදාන්න බෑ..

August 26, 2020 at 3:50 pm | lanka C news
උපාධිධාරීන්ට රස්සා දිමෙන් මුළු රටම මිලිටරිකරණය කරනවා.. මැටි බෝතල්, බතික් ඇදුම්වලින් සෘණ ආර්තිකය ගොඩදාන්න බෑ..

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය අදායම 2/3 කින් අඩුවී තිබීමෙන් ගෝටාඹය ජනපති වරයාගේ රජයට කිසිදූ ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පුවේ.

2020 වසරේ අවසන් මාස හතර සඳහා නව රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිනුම මගින් රාජ්‍ය වියදම් සඳහා රුපිය බිලියන 1700 වෙන් කර ඇති අතර එම වියදම පියවීම සඳහා රාජ්‍ය ආදායම අඩුවී රජය සතුව ප්‍රමානවත් මුදල් නැති නිසා රුපියල් බිලියන 1300 ක් ම ණය වශයෙන් ලබා ගැනීමට කටයුතු යොදා තිබීමෙන් රටේ ආර්ථික අර්බිදය මනා ලෙස ප්‍රදර්ශනය වේ.

2020 වසර සඳහා අය-වැයක් සම්මත නොකල පසුබිමේ කිසිදූ සංවර්ධන කටයුත්තක් මෙම වසර පුරාවට රටේ සිදුවන්නේ නැත.මෙම සතියේ සම්මත කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමේ සඳහන් පරිදී ඉදිරි මාස හතරට රජය අපේක්ෂා කරන රාජ්ය ආදායම රුපියල් බිලියන 400 පමණි.

මා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල අවස්ථාව සමග සසඳන විට මෙය රාජ්‍ය ආදායමේ 2/3 ක පමන අඩුවීමකි.2019 නොවැම්බර් ජනාධිපති වරණයෙන් පසුව පාර්ලිමේන්තුව මසක් පමණ වාර අවසන් කරමින් හා මාර්තු 2 වන දින සිට අගෝස්තු 20 දක්වා පාර්ලිමෙන්තුව රැස් නොකොට පවත්වාගෙන යාමෙන් මෙරටේ ජනතාවට රටේ ආර්ථිකයේ සැබෑ තත්වය අසා දැනගන්නට අවස්ථාව අහිමි විය.

ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් වෙනුවට මැටි වීදුරු වල ජලය පානය කිරීමට හා සතියකට වරක් රාජ්‍ය සේවකයන්ට බතික් අදින ලෙස ඉල්ලීමෙන් සාර්ව ආර්ථිකය දියුණු කළ හැකියැයි සිතන, වැඩ පිළිවෙලක් නැති ක්‍රමවේදයක් ප්‍රදර්ශණය කරන මෙම රජය යටතේ 2020 වසරේ මුල් කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 1.6 % ක සෘණ අගයක්  වාර්ථා විය.2001 වසරෙන් පසුව මෙරටේ සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තාවූ ප්‍රතම අවස්තාව මෙයයි. මහ මැතිවරණ සමයේ දී ආර්ථිකයේ සැබෑ පසුබෑම ජනතාවගෙන් වසං කරමින් සිටි රජය එම සෘණ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුවත ප්‍රසිද්ධ කළේ මැතිවරණයට පෙර දින රාත්‍රියේය.

කොරෝනා වසංගතයෙන් ඇතිවූ ව්‍යසනයන්ට වඩා  මෙම රජයේ ආර්ථික වැඩ පිළිවෙල නිසා රටට ඇතිවන හානිය බැරෑරුම් වන බව 2020 වසරේ මුල් මාස හතරේ දී අත්වූ සෘණ ආර්ථික වේගයෙන් මනා ලෙස පෙන්නුම් කරන බව අවධාරනය කරමි.

රාජ්‍ය ආදායම අඩුවී රාජ්‍ය සේවකයන්ට වැටුෆ් ගෙවීමට පවා නොහැකිව මාස් පතා ණය ලබා ගන්නා රජය රු 20,000 ක මාසික දීමනවකට උපාධිධාරීන් 50,000 ක් රාජ්‍ය සේවයට යැයි පුහුණුව සඳහා බඳවා ගැනීමේ රජයේ අරමුණද සැකය හා කුතුහල උපදවන්නකි. අඛණ්ඩ විශ්‍රෑම යෑම් මත ගුරු සේවයේ මෙන්ම පළාත් හා මධ්‍යම රජය යටතේ ගුරු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු තිබියදී මෙම උපාධිධාරීන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බඳවාගනු ලබන්නේ කුමණ අරමුණින් ද.

වෙනත් කිසිදූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දකින්නට  නැති ආකාරයට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආර්ක්ෂක අමාත්‍යාංශය යටතට් ගෙන සියළු ප්‍රාදේශීය ලේකම් හා දිසාපති කාර්‍යාල ආර්ක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන බඳවාගැනීමට නියමිත උපාධිධාරීන්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර හමුදා පුහුණුව ලබාදීමට සැරසෙන බව වාර්ථා වේ.ඵලදායිතාවයක් අපේක්ෂා නොකරන කේෂ්ත්‍රවලට බඳවාගන්නා මෙම පිරිසට වැටුෆ් ගෙවීම සඳහා අව්ශ්‍ය රුපියල් බිල්යන තුනක මුදල ද මාසිකව ණය වශයෙන් ලබාගැනීමට සිදුවීම ජනතාව මත තවත් බර පැටවීමක් පමණි.

චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් පාලන පොහොට්ටුව පක්ෂය ද තිබිය යුතු බවට රජයේ වග කිව යුත්තන් පවසා ඇති සන්ධර්භය තුළ මෙම පත්වීම් දීමේ පසුබිම විමසා බැලිය යුතුය.

චීන කොමියුනිස්ට් පක්ෂය මගින් රාජ්‍ය සේවය තුළට හමුදා පුහුණුව ලැබු සේවකයන් යොදවා ග්‍රාමීය ඔත්තු සේවයක් පවත්වාගෙන යන ආකාරයට ශ්‍රී ලංකාවේ ද පළාත් රාජ්‍ය සේවය රාජ්‍ය සේවය හමුදාකරණය කිරීමේ පෙර නිමිත්තක් දැයී සැක සහිතයි.මෙයට පෙර ද විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දී ඔවුන්ට කර්නල් තනතුරු ලබා දුන් අතර උපාය මාර්ගිකව වැදගත් සෑම රාජ්‍ය ආයතනයකම සිවිල් නිලධාරීන් අතර එක් හමුදා පුහුණුව ලත් නිලධාරියෙක් ස්ථාන ගත කිරීමේ සැලසුමක් තිබිණි.

තුනෙන් තෙකක බලයක් ලබාගත් ශ්‍රී ලංකාවේ සියළු පක්ෂ සෑම විටම උත්සාහ කළේ තම පවුලේ දේශපාලන අනාගතය උදෙසා බලය තහවුරු කරගැනීමටය. මෙම රජය ද රට සංවර්ධනයට වඩා වැඩි ප්‍රමූඛතාවයක් දී ඇත්තේ පවුලේ දේශපාලන බලය ඉදිරිපරම්පරාව දක්වා තහවුරු කරගැනීමය. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට වැඩපිළිවෙලක් නොමැති අවස්ථාවක රට ආර්ථිඅක ප්‍රපාතයකට යන අවස්ථාවකදී මුලින් රාජ්‍ය සේවකයන් තුළ ප්‍රාදේශීය මට්ටමින් විරෝධයක් පැන නගින අවස්ථාව මග හැරීමේ අරමුණින් ප්‍රාදේශීය රාජ්‍ය සේවය ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිසා ලේකම් කාර්යාල ආර්ක්ෂක අමාත්යාංශය යටතට ගෙන අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් ද එම අංශවලට අනුයුක්ත කර හමුදා පුහුණුවට යොමු කිරීම තම බලය තහවුරු කරගැනීම සඳහා බව තහවුරු වේ

මුලු රටම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන පා තිබෙන මේ මොහොතේ එය සඳහා යතාර්තවාදී විසඳුම් සොයනවා වෙනුවට ඊනියා දේශප්‍රේමිත්වයේ මුවාවෙන් මුලු රටම මිලිටරි කරණයට ලක් කිරීමටත් අපගේ අහිංසක උපාධිධාරීන් එම සැලස්මේ ගොදුරක් කර ගැනීම රටට සැබෑ ලෙසම ආදරය කරන සැබෑ සැබා දේසප්‍රේමීන් හෙළා දකිනවා

– මංගල සමරවීර

65,023 views

54 Comments to “උපාධිධාරීන්ට රස්සා දිමෙන් මුළු රටම මිලිටරිකරණය කරනවා.. මැටි බෝතල්, බතික් ඇදුම්වලින් සෘණ ආර්තිකය ගොඩදාන්න බෑ..”

  1. Prasanna says:

    මංගල මොනවා උනත් හාමුදුරු වරු හා ආර්ථිකේ ගැන කියන දේ ඇත්ත. රට කාපු දේශපාලන පක්ෂේකින් ආවත් ආර්ථිකේ ගැන හා හාමුදුරුවරු ගැන රටට ඇත්ත කිව්වා. නව වෙළඳ පොළ හොයන්න මුල් අඩිතාලම දන්නා තිබුනේ මීට මාස මාස ගානකට පෙර. ඩොලර් එක වැඩි වෙන්න ඇරලා, පිට රටට අපේ අපනයන මිල අඩු කරන්න පුළුවන් කාලේ ඒ. දේශප්‍රේමී කියල ආර්ථිකයක් කියන්නේ මිත්‍යාවක්. එහෙම එකක් නෑ. අනික ආර්ථිකේ දේශප්‍රේමී වෙලා, දේශපාලුවෝ හොර දෙටුවෝ උනාම පලක් තියෙනවද. අද අපේ රට වගේ රට වල දේශප්‍රේමී ආර්ථිකේ කියන්නේ SME. SME වලට බර දාන සීමාවක් තියෙනවා. නැත්නම් මුළු රටම විනාශ වෙනවා. අද යාපනේ තල් හකුරු වල තල් රහ නෑ. 50% තියෙන්නේ සීනි රහ. කිතුල් හකුරු අපිට කන්න තරමට වත් මේ රටේ නෑ. මම කලක් USAID consultant කෙනෙක් හැටියට උන්න, ඔය මහවැලි project වල ඔය දේවල් කරා. හරිගියේ නෑ. දෙවෙනි තුන්වෙනි පරපරාවල් කොළඹ ආවා රස්සාවල් හොයාගෙන. අපි tourism වලටත් දාන බර වැඩියි. මාලි වගේ දුප්පත් රටක තියෙන ස්වභාවික tourist attractions සම්පත් වලින් 15% වත් අපිට නෑ. අද වෙනකල් ආර්ථිකේ ගැන ගෝඨා කිසිම අර්ථවත් දෙයක් කියල නෑ. හකුරු / තල් හකුරු පිටරට යවන්න පුළුවන් නම්කි, බිස්නස් කාරයෝ ඒක කරාවි. ජනපති තුමෙක් අවශ්‍ය වෙන්නේ නෑ. දැන් ඇමති ගෝලයෝ ටික පස් කාගෙන මැටි හොයනවා. මැටි විකුණලා හකුරු විකුණන ආර්ථියක හදල ණය ගෙවන්න පුලුවන්ද.

    • "වයගරා පෙත්තේ විපාක" says:

      @Prasanna,,
      ඇත්තටම ඔබ ආර්ථික විද්‍යාව ගැන මොනවද දන්නේ.??
      ඔබගේ සටහනින් පේන්නේ “ශුක්‍රාණු” නැතිව ලමයි හදන්න පුලුවන් වගේ කතාවකි…!

    • Nimal says:

      ඔහේගේ consult කම පේනවා දල තියන commentඑකෙන් බලන්ඩ දෙයක් නෑ බොලලා වගේ උන් consult කල නිසා තමඊ මේ රටට කෙලවෙලා තියෙන්නේ, ඒ… ඔහේගේ photo එකක් දහන්කෝ බලාගන්ට. මරු consultant ලා

    • narada says:

      රට කාපු පක්ෂේකින් නෙමේ ගොබ්බයො මුන් තමා රට කෑවේ. අනේ බොලගේ consultant මොලේ හොදා ඔබා ගත්හොත් ඇලේ

      • kamal says:

        ඔහෙලවගේ අය consultant ල උනාම projects අසාර්ථක වෙන එක අහන්ඩ දෙයක්ද,

        Mali recorded a total of 14,000 tourists in 2019, ranking 199th in the world in absolute terms(wikipedia)
        ඔහේ දන්නවද ලංකාවට අවුරුද්දකට tourists la කීදෙනෙක් එනවද කියලා පොඩ්ඩක් හොයල බලලා ඉගනගනින්

      • Prasanna says:

        වයගරා පෙත්තේ විපාක – Nimal – narada – ගොන්නු තුන්දෙනාට හා පස්සේ තව එන ගොන්නුන්ට
        වහල් ලේ පිච්චෙනවා වගේ, පුළුටු ගඳක් එනවා. වෙනස් මත වහල් බවට දරාගන්න බෑ. මම එක වාක්‍යකින් ලියපු ආර්ථික න්‍යායන් හුඟක් දිගයි. ඒවා දන්නා මිනිස්සු, තව එකතු කරලා කියවාවි. චීන මුළු ලෝකෙම ඇල්ලුවේ මේ ආර්ථික න්‍යාය මත. cost advantage කියල චීන මේකතාව ලෝකෙන් වැහුවා. ඉල්ලුම සැපයුම මත ගියානම් ඉන්නේ ඉන්දියාව ගානේ.
        පොල් කඩනවා….තැඹිලි බානවා…මිනිස්සුත් දවසට රු 3,000 හොයනවා. තමන් දන්නා වචන දෙක තුන, හරි නොදන්නා දේට නාස්ති කරන්න එපා.

        • Boi says:

          ඔබේම තර්කය අනුව ගෝටාගෙ වෙනස් මතය දරාගත නොහැකි වීම නිසා ඔබත් වහලෙක් විය යුතුයි. මූලග්ගාය හදාගන්නෙ නැතුව හිතලා බලන්න. මේ ලෝකෙ තියෙන්නෙ එක ආර්ථික න්‍යායක් නෙමෙයි. ඒවා 50 ක් විතර හොයාගන්න පුලුවන්ග. ඔබලඟ ඇත්තෙ ඉන් එකක් පමනයි. ලෝකෙ දියුනු යි කියලා අපි හිතාගෙන ඉන්න රටවල් සේරම ගෙනියන්නෙ චීන ක්රමය නෙමෙයි. ඒ ඒ රටට ආවේණික ක්රම ආකල්ප හා සම්පත් අනුව ඒ ඒ රටේ ආර්ථිකය හදාගන්න වෙනවා. ආර්ථිකය දන්නෙ තමන් පමනයි කියා සිතීමම නූගත් බවේ ලක්ෂණයක්.

          • kamal says:

            Boi,
            ඒ මෙය consultant කෙන්ක්ලු, පවනේ ඔන්න ඔහේ ලියපුවාවේ, දන්නා ටික නේ.

    • Dilshan says:

      Obviously this man is a paid coolie writing to fool the public. These dollar crows think that we are fools with no education. Hey man people who visit this site are well educated nationalistic minded people with lot of exposure here and abroad. So stop writing bullshit. Gota is surrounded with educated people so get lost and tell your paymasters it’s difficult to fool people anymore

    • Ananda says:

      කියන්න තියෙන්නේ එක දෙයයි. මුන් ඔක්කොම පේලියට තියලා වෙඩි තියන්න ඕනේ. රට මෙච්චර විනාශ කලාට..ආර්තිකය අතින්, ගුන දර්ම අතින්, ආගම, ජාතිය විනාශ කිරීම අතින්

    • rakitha says:

      Oyala wage consultant la nisa thamai USAID minissunta epa wela thiyenne. Boruwa kara kara dollar aragena ratata kelinna epa

    • චොප්පෙ says:

      අඩෝ ගොන්සල්ටන් වරෙන්කෝ කරත්තෙ බදින්න
      උබට usaid එකෙන් ලොකු us ලින්ගුස් කැව්ව නේ
      ඒකෙ රහ වැටිල us aids හදාගන්න දගලනවා නේ

  2. සමන්ත says:

    පසුගිය අවුරුදු 5 තුලම වියදම් කලේ මහින්ද පාලන කාලයේ ඉතුරු කරලා ගිය දේවල් නොවෙිද. කිසිම ආර්ථික දැක්කමක් නොතිබුණු පහුගිය රජය කලේ හාමුදුරුවන්ගෙන්, හමුදාවෙන්, සිංහලයින්ගෙන් පලි ගත්ත එක විතරයි. ඒ කාලයේ හොද ආර්ථික දැක්මක් තිබ්බානම් අද රට ඔබ කියනවා වගේ ආර්ථික අහේනියකට පත් වෙන්නේ නෑ. ඒකට වග කිව යුත්තේ යහපාලන රජය මිසක් වසරක්වත් වයස නැති ගෝටා පාලනය නෙමේ..

  3. ලංකාව කියන රට මීට මාස 8කට කලින් හොයාගත්ත රටක් නොවේ….. කලින් හිටපු උන් සූරාගෙන කාල විනාශ කරපු රටක්. වැදි බණ. නොකියා හිටියා නම් හොඳයි.

  4. ක්මෙන්ට් එක දාපිය says:

    ටේලර් කෙනෙක් ගිය උඩ.

  5. Has says:

    මරු Consultant.

  6. පැණියා says:

    පිරිමි ගණිකාවො දාලා රට ගොඩදාන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ

    • Boo says:

      ඒ වගේම බොරැ කියන කිඹුලන් , බැංකු හොරැ ලඟත් හොඳ ආර්ථික දැනුම් සම්භාරයක් තියෙනවා 😀😀

  7. Nariya says:

    Umbata dan karanna thiyena hondama wade jangi mahala vikunabnn

  8. චොප්පෙ says:

    මන්ගලයා දන්නෙ නැද්ද ඌ කියන දේවල් බලු බෙට්ටක් තරන්වත් අපි ගනන් ගන්නෙ නෑ

  9. Kuku says:

    මංගල රටට යහපතක් වෙනවට විරුද්ධයි. මංගල අකමැති කියන්නේ රටට. යහපත් වෙනවා. ඔහොමම යං!