උපාධිධාරීන්ට රැකියා දුන් ක‍්‍රමය වැරදියි කියා විරෝධතා…

August 25, 2020 at 4:40 pm | lanka C news
උපාධිධාරීන්ට රැකියා දුන් ක‍්‍රමය වැරදියි කියා විරෝධතා…

රජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පලාතෙන් ඉල්ලන ලද අපෙක්ෂකයින්ගෙන් 3207 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර තවත්  2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුරේ උපාධිධාරීන් පවසා සිටිති.

ප්‍රතික්ෂේප වූ පිරිස්හි යාපනය දිස්ත්‍රීක්කයේ වැඩිම පිරිසක් සිටින අතර එම ප්‍රමාණය 1506 ක් වන අතර සුදුසුකම් ලැබූ ප්‍රමාණය 1996 ක් වෙද්දි තමන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් යාපනයේ ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින් පිරිසක් විසින් යාපනය දිස්ත්‍රීක් ලෙක්ම කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කරන ලදි.

අදාල අපේක්ෂකියින් විසින් ප්‍රතික්ෂේප වීමට හේතු සාධක හා එයට විසඳුම් ඉදිරිපත් කරමින් අභියාචනයක් ඊයේ දින විරෝධතාවයේ නිරත වූවන් විසින් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයට භාර දීමට පයවර ගන්නා ලදි.

උතුරු පලාතෙන් වැඩිම පිරිසක් ඉල්ලුම් කර ඇත්තේද යාපනය දිස්ත්‍රීක්කයෙන් වන අතර යුද්දය ඇතුලු විවිධ හේතුන් මත අධ්‍යාපනය ලැබූ උතුරේ උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසටද මෙහෙදී විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,695 views

7 Comments to “උපාධිධාරීන්ට රැකියා දුන් ක‍්‍රමය වැරදියි කියා විරෝධතා…”

  1. kawinda says:

    Vigneshwaran Sumandiran Sampandam thundenagen illapallako. chandeth nodee illeem illanawa. munta lejja nehe. aanduwa me dena tharaminwath yahapaalana aanduwa dunnada..?

  2. රජරට බයියා says:

    ජනාධිපති තුමාගේ හොඳ වැඩසටහනක්, පපරිපාලකයන් අවුල් කරගෙන. අනික් සමහර තැනුත් ඒ වගේ තමයි.

  3. Love nature says:

    පළමුවෙන් මේ අය සිංහළ කතා කරන ශ්‍රී ලාංකික විය යුතුයි

  4. RAW Agent says:

    No need any spacial treatment.
    one country one law.

    • Gamunu says:

      Raw agent: go back a few months. Tamil voters didn’t show any interestIn GR, did they? They believed the TNA and SJB and voted against GR but now this. But i believe they should be treated equally. Current regime must not show hate or malice like what Yahapalana regime showed.

      • RAW Agent says:

        උතුරු පලාතෙන් වැඩිම පිරිසක් ඉල්ලුම් කර ඇත්තේද යාපනය දිස්ත්‍රීක්කයෙන් වන අතර යුද්දය ඇතුලු විවිධ හේතුන් මත අධ්‍යාපනය ලැබූ උතුරේ උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසටද මෙහෙදී විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.
        I mean there is no need to consider these යුද්දය ඇතුලු විවිධ හේතුන් for recruitment.
        One country One law.

  5. banda says:

    the graduates who beg for government jobs(specially male) are some kind of poor losers. They have lots of other opportunities.

Main News