උපුල් ජයසූරිය BOI සභාපතිකමින් ඉල්ලා අස්වීම පිටුපස දූෂණ චෝදනා..

July 14, 2017 at 12:40 pm | lanka C news
උපුල් ජයසූරිය BOI සභාපතිකමින් ඉල්ලා අස්වීම පිටුපස දූෂණ චෝදනා..

ශ්‍රීලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ශ්‍රීලංකා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය මහතා ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුන් මත යයි සඳහන් කොට තිබුණි. එහෙත් එහි පිටුපස ඔහුගේ කාලයේදී සිදු අක්‍රමිකතා සහ දූෂිත ගනුදෙනු සහිත ගිවිසුම් කිහිපයකට ආයෝජකයින් සමඟ එලබීම බව ක්ලම්බු ගැසට් වෙබ් අඩවිය වාර්තා කරයි. Link

තවත් ආරංචි මාර්ගයක් සඳහන් කරනුයේ රටේ ඉහළම දේශපාලන බලවතෙකුගේ දැඩි දෝෂාරෝපණයට ශ්‍රීලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා පත්වූ අතර පසුගිය සමයේදී අත්සන් කරනු ලැබු ආයෝජන මණ්ඩල ගිවිසුම් වල විශාල වශයෙන් බදු වංචාවන් සිදු කොට ඇති බවයි. එමෙන්ම එම ගිවිසුම් සකස් කිරීමට සභාපතිවරයාට සම්බන්ධකම් ඇතී නීතිඥ සමාගම් හරහා සිදුවී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. තවද විදේශීය ආයෝජන එන බවට හගවමින් විශාල වශයෙන් මෙරටේ කලු සල්ලි හිමි ජාවාරම්කාරයන් සතු මුදල් විදේශීය ආයෝජනයන් ලෙස පෙන්නමින් රජයට විශාල වශයෙන් බදු වංචා කිරීමට දිරිමත් කොට ඇති බවත් ඔහුගේ රාජකාරි කාලය නිම කිරීමට තවත් වසරක කාලයක් ඉතිරිව තිබිණු බවත් ෆේස්බුක් වාර්තාවක් සඳහන් කොට ඇත.

එමෙන්ම 77 ජයවර්ධන ආණ්ඩුවේ ශ්‍රීලංකා ටැක්ටර් සංස්ථාවේ සභාපති ලෙස උපුල් ජයසූරිය මහතා පත්විය. රජය සතුව තිබු මෙම සංස්ථාව අපේ රටේ ගොවී ජනතාවට අවශ්‍ය මැසි ෆර්ගියුසන් සහ කුබෝටා අත් ටැක්ටරය මෙන්ම කෘෂි උපකරණය රාශියක් සහන මිලට ලබා දුන් ආයතනයකි, එදා විශාල වත්කම් රාශියක් සහිත ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලැබු එම සංස්ථාව පුද්ගලික අංශයට විකුණා දැමිණි. සංස්ථාවට අයත් නාරාහේන්පිට තිබු අක්කර ගනනක් වටිනා දේපලදඒ අතර විය, පසුව එම දේපළ කොටි ප්‍රකෝටි ගනන්වලට එම ව්‍යාපාරිකයා විකුණා දැමූ අතර එහි සිටි දහසකට වඩා සේවකයින් සුලු වන්දියක් ගෙවා ඉවත් කලහ.

34 views

5 Comments to “උපුල් ජයසූරිය BOI සභාපතිකමින් ඉල්ලා අස්වීම පිටුපස දූෂණ චෝදනා..”

  1. shantha kuru says:

    mu ta hena wediyan

    • Nuwan says:

      තවත් එක් කලු සුද්දෙක්ගේ රෙද්ද ගැලවේ….

  2. Gamarala says:

    Yako kambahoruntane Horu Alla na sellama diilatiyenne. Tractor sansthawagena FCID walata complain karamuda lella hitan?

  3. daham says:

    me ekek vitharayi. maha bankuwe indala patan gaththama hama thanama wancha, dooshana, gasakam. munge eva hoyanna fcid 10kuth madi vevi.

  4. pp says:

    moth ara boruwata ka gsamin dusana pariksana kia rajayen koti gannan modal gasa kana nithinya NOG kokka waliamuna wagemayi.

Main News