රාජකාරියට බලපෑම් දරාගන්න බෑ කියා උපුල් ජයසූරිය BOI සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
July 13, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දී ඇත.
රාජකාරි කටයුතු කරද්දී ඇතැම් තීරණ ගැනීමට බලපෑම් එල්ලවූ බවද පවසන ඔහු තම රාජකාරියටද බාධා පැමිණි බවද සදහන් කරයි. තව දුරටත් සිතට එකඟව රාජකාරී කිරීමය නොහැකි වීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කරයි.
කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය, හොරණ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව හා කොළඹ ඉදිකිරීමට නියමිත ආසියාවේ උසම ගොඩනැගිල්ල ජයසූරිය මහතාගේ කාලයේදී අත්සන් කිරීමට යෙදුනු ප්රමුඛ පෙලේ ආයෝජන ව්‍යාපෘති වෙයි.