උප පොලවල් රැසක් ඇණහිටී… අර්ධ පද්ධති බිද වැටීමක්.. ප‍්‍රදේශ ගණනාවකට විදුලිය නෑ..

May 23, 2018 at 1:20 pm | lanka C news
උප පොලවල් රැසක් ඇණහිටී… අර්ධ පද්ධති බිද වැටීමක්.. ප‍්‍රදේශ ගණනාවකට විදුලිය නෑ..

ජාතික විදුලි පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් අධිබල (132kw) විදුලි උපපොළ වල් රැසක් අක්‍රීය වී තිබේ.

අහිතකර කාළගුණික තත්වයන් හේතු කොට ගෙන මෙම බිදවැටීම් සිදුව ඇතැයි විදුලි ඉංජිනේරුවන් පවසති.

මෙය අර්ධ පද්දති බිද වැටීමක් (partial blackout) බවත් එම උපපොලවල් වලටසම්බන්ධ අධි බලැති විදුලි රැහැන්ද මේ වන විට අක්‍රීය වී ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසයි.

දැනට විදුලි බල සැපයුම බිද වැටී ඇත්තේ කටුනායකල බෝලවත්ත, මාහෝ, පුත්තලම, හලාවත, අනුරාධපුර ප‍්‍රදේශවලට විදුලි සම්පේ්‍්‍රෂණය කරන උප පොලවල් වලයි.

160 views
Main News