උමං මග හැදුවොත් දලදා මාලිගාව කඩා වැටෙනවාලු.. අපේ පක්‍ෂයේ කුහකයන් ඉන්නවා..

March 1, 2019 at 1:20 pm | lanka C news
උමං මග හැදුවොත් දලදා මාලිගාව කඩා වැටෙනවාලු.. අපේ පක්‍ෂයේ කුහකයන් ඉන්නවා..

මහනුවර නගරයේ් පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙසට ඉදිකිරිමට යෝජිතව තිබු දෙයියන්නේවෙල සිට තැන්නේකුඹුර දක්වා වු උමං මාර්ග ව්‍යාපෘතිය අතරමග නතරවූයේ ආණ්ඩුවේම සමහරුන්ගේ කුහක අදහස් නිසා බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ සුවසැරිය ගිලන් රථ සේවාව මධ්‍යම පළාතේ දියත් කිරිමේ උත්සවයට එක්වෙමිනි.

මේ පිළිබදව අදහස් ප‍්‍රකාශ අමාත්‍යවරයා

‘මහනුවර ජනතාව නිතරම මගෙන් අහනවා මහනුවර උමං මාර්ගයට මොකද වුණේ කියන එක. නගරයේ තිබෙන තදබදය අවම කිරීමට දෙයියන්වල සිට තැන්නේකුඹුරේ දක්වා උමං මාර්ගයක් නිර්මාණය කරන්න කැබිනට් අනුමැතියත් ලැබුණා. මේ සඳහා උදව් කිරීමට කොරියානු රජය කැමති වුණා. කොරියානු තානාපතිතුමා මගෙන් කිහිපවතාවක්ම විමසීම් කළා මේ ව්‍යෘපෘතිය සිදු නොවන්නේ ඇයි කියලා. ඒ් වගේම ජනාධිපතිතුමා කොරියාවට ගිය අවස්ථාවකදී පළමුවෙන් විමසු කාරණය තමයි මේ උමං මාර්ගයේ වැඩ නොවන්නේ ඇයි කියන කාරණය. මුදල් තිබෙනවා. සැලසුම් හදලා තිබෙනවා. මෙයට ප‍්‍රධානම හේතුව තමයි අපේම ආණ්ඩුවේ පිරිසක් නායකයන්ට කියලා තිබෙනවා මෙම උමං මාර්ගය ඉදි කළාම දළදා මාළිගාව කඩා වැටෙයි කියලා. ඒ් වගේම මහනුවර වැවෙන් ජලය එයි කියලා බිය ගන්වලා තිබෙනවා. මාළිගාව කිට්ටුවෙන්වත් මේ මාර්ගය යන්නේ නෑ. මේවා සිදු කරන්නේ ඊර්ෂියාවට.

කොරියාවේ විදේශ ඇමතිතුමා ලංකාවට පැමිණි පසු මමත් ගියා එතුමා මුණගැසෙන්න. ඔවුන් හෙට වුනත් මුදල් ලබා දීමට කැමතියි. ලෝකයේ සෑම නගරයකම පොළොව යට නගරයක් තිබෙනවා.ඒ් නගර කවදාවත් කඩා වැටෙන්නේ නැහැ.අපි උත්සාහ කරනවා ලබන වසරේ මුල් කාර්තුවේ මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට. මුදලූත් තිබෙනවා. කොරියානු තානාපතිතුමාගෙ සහයත් තිබෙනවා. ඒ් වගේම කොරියානු ඉංජිනේරුවන් හා කැබිනට් අනුමැතියත් මේ සදහා තිබෙනවා. මේ ව්‍යපෘතිය නතර වුණේ අපේම සමහරුන්ගේ යල්පැණගිය අදහස් නිසා . මේක තමයි ඇත්ත කතාව’

– රජිත සමරසූරිය

42,227 Viewers

14 Comments to “උමං මග හැදුවොත් දලදා මාලිගාව කඩා වැටෙනවාලු.. අපේ පක්‍ෂයේ කුහකයන් ඉන්නවා..”

  1. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    ඕක ගැන පච කුමාරයාගෙන් ඇහුවේ නැද්ද?
    ඇහුව නම් ඕක හදන්නේ ඇත්තටම මොකටද කියල කියල දෙයි.
    එක්කෝ පොලොස් ගෙනියන්න කියයි. නැත්නම් නුවරට ගංජා ගෙනියන්න කියයි 🙂

    • දහනායක says:

      මෙහෙමයි මේ ගැන ඕනා ගොනෙකුගෙන් සහතික අරගෙන වැඩක් නෑ .ඕනා ගොනෙකුට එහෙම සහතිකයක් කට වචනෙන් දෙන්න බෑ .විද්යානුකුල ක්‍රමය නම් මේ ගැන උගත් විද්වත් තාක්ෂණික මණ්ඩලයක් පර්යේෂණ කරලා ඒ ගැන සහතිකයක් ලබාදීමයි .එහෙම නැතිව මේ මුලග්ගාය හැදිච්චි ඕනා ගොනෙකුට ඕනා දෙයක් කියන්න පුළුවන් තම නොහැකියාව වහගන්න

  2. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    ඕනේ ගොනෙක්ට පුළුවන් උමගක් හාරන්න……… ඉතින් හාරන එකනෙ තියෙන්නෙ. හරියට ජාතියන්තරය විරුද්ධ වෙද්දී මහින්ද යුද්දෙ කරා වගේ.
    හා නැද්ද ඇමති තුමෝ 🙂

  3. සිංහල බන්ඩා says:

    රට කාපු වැඩ බැරි ඕනා ගොනා තමන්ගෙ නොහැකියාව වහ ගන්න පච කෙලිනවා.

  4. LION says:

    මහානුවර සිංහළ රාජ දහානිය විනාස කලේ මේ කලු සුද්දන් බව අමතක නොකළ යුතුය

  5. siri says:

    Mulu UNP ekama kuhakayo thama,

  6. දුෂ්මන්ත says:

    ඇලබට් පෙරේරා මහත්තයෝ (මෙයාගේ නියම නම) පටන් ගන්න, ඔයාගේ දුවව ගාව ගන්නේ නැතිව

  7. Practical says:

    Uma oyata uman kapala therum gaththe nadda lankawe kadu haraha uman hadeema hariyanne nathi bawa. Anthimatama monissunge bona wathura tikath nathikarala inna gewal tikath kida bassana wada.

  8. udarata kolla says:

    Dushmantha well said ,this old man (Naki lomba ) and his ugly daughter ( like Kali yakshani ) ruins up country politics.

  9. pradeep says:

    “සමලිංගික සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලූවා” – ගල් කොලුවා

  10. Hon Minister, you can, just ignore all negative criticisms … start this historical work and make Kandy a another seoul/melbourne
    May the triple gem bless you, all inefficient politicians like sarath amunugama, keheliya, d.m. jayaratne even anurudda, has not done anything to kandy town they just earned money.and lived happily
    we kandyans are there to support you god bless sir.

    • පැතුම් says:

      පවු බන් උඹ .මිනිහට ඕන දෙයක් කියන්න පුළුවන් කොරන්න බෑ ,එහෙවු මිනිහෙකුගෙන් කාරයක්ෂමතව බලාපොරොත්තු වෙන එක අසාදාරනයක් නේද ?එහෙම බලාපොරෝතතු වෙන උඹත් උඹේ මොළෙත් පවු නේද ?කොහෙද වැඩ පුද්ගලික කාර්ය මණ්ඩලේ ද ?

  11. වීරේ says:

    ඔවු ඔවු නිතින්ග්‍ය දුවක් ඉන්නවා හැම මල දානේටම හොට දාන

  12. Nihal says:

    Uman harana gonaa…

Main News