උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා…

January 9, 2022 at 10:22 pm | lanka C news
උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා…

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,

“ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනව කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද් යානයක් නිර්මාණය කළේ අපේ අමාත් යාංශය යටතේ තමයි, 2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ. අද තමන්ගේ වගේ ඒවා විවෘත කරනවා වගේ ගිහින් විවෘත කරනවා.

මහනුවර නගරෙත් විශාල සංවර්ධන යෝජනා ක්රම ගණනාවක් විවෘත කරේ අපේ කාලේ. අපේ අමාත්යාංශයෙන් හදපුවා. ගෝඨාභය කාලේ හදපු එක මහා පරිමාණ ව්යාපෘතියක්වත් නැහැ.

ඒ වගේම මම දැක්කා මේ ලංකාවේ උමං කනින්න චීනයෙන් යන්ත්‍රයක් ගේනවා කියලා.  ඇත්තටම අද මේ උතුරු මැද ඇළ එහෙම නැත්නම් සෙන්ට්රල් කැනෑල් එක, කඩිනම් කිරීමේ මුවාවෙන් අති විශාල වංචාවක් සිදු කරන්න යනවා. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවොත් සියලු දෙනාම කරලා තියෙනවා. නමුත් ඒ අමාත්යාංශ ලේකම්වරයාත් එක්ක එකතුවෙලා ඩොලර් මිලියන තිස්පහක විශාල වංචාවක් මේ උතුරු මැද ඇල හරහා සිද්ධ කරන්න යනවා. මේ උමග තැනීමට මුවා වෙලා. ඒ බවත් කියන්න ඕනේ.

මේවා මේ පුදුම වෙන්න දේවල් එහෙම නෙවෙයි. මේවා පිටිපස්සේ තියෙන්නේ විශාල ජාවාරම්. අපිට කියන්න තියෙන්නේ ඉතා කණගාටුවෙන්, ඒ කාලේ කරපු ජාවාරම් වල ප්රතිඵල තමයි දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න. වහාම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ මැදිහත් වෙන්න ඕනේ. මොකද මේ රට බංකොලොත් වුණොත් මේ රට අවුරුදු දහයකටවත් නැවත ගොඩගන්න හම්බවෙන්නේ නැහැ.”

– Media unit

100,207 views

23 Comments to “උමගක් කපන්න ලංකාව වෙනුවෙන්ම චීනයෙන් යෝද යන්ත‍්‍රයක්.. ඩොලර් මිලියන 35ක වංචාවක් යයි චෝදනා…”

  1. සීයා says:

    යකෝ පෝට් සිටි සැලැස්ම පාඨලීගේ දැක්මක්. අපි මෙච්චර කාලයක් මහින්ද මහත්තයාගේ වැඩක් කියලා හිතාගෙන .හිටියේ.

    • Laankikakaya says:

      eka thamai me champikage wadakne Ranil mahaththaya anduwa gaththa gaman nawaththala anthimata dadath gewala patan aran thiyenne .. wade kiyanne eke cabinet ekemai Champika Amathi kenek wune.. eya man3 wela iddi Port city eka patan aran aththe.. mata pissu wagee.. danuth man3 loku loku project karanawa athi ehenan hora wagee.. ayeth amathikenek wunoth open karala pennai..

    • sajith පුතා says:

      අල්ලපියව් ඔය ලී පාඨ. මූ තමයි මෙච්චර විනාශයක් කලේ

  2. Saman says:

    මේ දීග ජන්තුවා කතා කරන්නේ දැන් ඉපදුනා වගේ. ඒ කාලයේදී හතර වරම් කොමිස් ගැහිල්ල නිසා හැංගිලා හිටියේ. උඹලගේ කාලයේදී විවුර්ත කරේ කලින් ආන්ඩුව හදාපු ඒවා විතරයි. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරපු කාලකන්නි හැතිකරේ.

  3. ගරසරප says:

    පාට ලී ලොක්කා එහෙට මෙහෙට වනනවා. සජිත්ට උඩින් යන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ. ඒ හින්ද හතර අතේ වනන්න මහන්සි වෙන්න එපා. ඒ එනර්ජි එක තියාගන්න පොහොට්ටුව එක්ක හැප්පෙන්න.

  4. සැමියා says:

    චෑ චෑ, වාරීමාර්ග ලේකම්වරයා කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ. එතුමා ඔස්ට්‍රේලියාවේ නවසීලන්තේ වගේ රටවල වැද්ගත් විදියට වැඩ කරලා ඇවිත් ඔහම ජරා වැඩ කරන්නේ නැහැ. මිනිස්සුන්ටයි අපේ හොර බොරු වන්චාවෙන් තොර ආන්ඩුවටයි මඩ ගහන්න එපා

  5. ජුණ්ඩා says:

    ජනපති සිහිනය බොඳ වෙද්දී…
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා .

  6. ඉමේශ් රංගන ළිංතොටගේ says:

    @ රෂිනි සූරියආරච්චි,

    ඇත්ත කතාව ඔයිට වෙනස්, මොකද ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ආරක්ෂාව වෙනුවෙන් පෙළපාලි ගියා මෑතදීත් ආයා මාසාවේ නැමැති 21 හැවිරිදි ඊස්‍රායල් ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේදී ඝාතනය වීමෙන් පසුව තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා ප්‍රමාණවත් වැඩි අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් කාන්තාවන් ප්‍රධාන නර වලට රැස්වී සිටි අතර මෙම පෙළපාලි 2022 මාර්තු මාසයේ පවත්වන සමස්ත ඔස්ට්‍රේලියා දැවැන්ත කාන්තා රැළියේ කොටසක් ලෙස පැවැත්වූ අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේම අවධානය යොමු වීම මීට වඩා විශාල වශයෙන් අවශ්‍ය යැයි ඔවුන් පැවසූයේ සිඩ්නි වලට 30,000 කට අධික පිරිසක් රැස්ව සිට ඇති අතර නගරවලදීත් ඒ වගේම සැලකිය යුතු පිරිස් රැස්වී කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවදානය යොමු කරන්න ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරමින්.

    හැබැයි මැඩම් ඔයා ලංකාවෙ ඉපදිලා ලංකාවට බනිනව නම් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. මමත් ඔය රටේ අවුරුදු 8 හිටිය. ඔයා ලොකුවට හිතාගෙන හිටියට ඔය රටේ අපේ වගේ රටවල් වලින් එන අයට කුඩම්මාගේ සැලකිලි. ඒ අය ඒවා පෙන්නන්නෙ නෑ ඒ රටේ නීති ශක්තිමත් නිසා. පව් අසරණ රෂිනි කියල තමයි මට කියන්න තියෙන්නේ.