උමාඔයට කැබිනට් පත්‍රිකාව දැම්මේ අනුර දිසානායක තමයි.. ඒත් වැරැුද්ද මහින්දගේ..- ඉල ඇදෙන, බඩ කොරවෙන ජවිපෙ තර්කය මෙන්න..
September 30, 2017 at 3:26 am | lanka C news
උමා ඔය ව්‍යාපෘතිය සදහා කැබිනට් පත්‍රිකාව දමනු ලැබුවේ එවකට කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමති අනුර දිසානායක මහතා වුවත් එහි වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බාරගත යුතු බව ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.