උමාඔය කැබිනට් අනුකමිටුව බයබීත වේ.. කොළඹටම වී වාර්තාව හදන්නට තීරණය කරති..

July 5, 2017 at 1:20 pm | lanka C news
උමාඔය කැබිනට් අනුකමිටුව බයබීත වේ.. කොළඹටම වී වාර්තාව හදන්නට තීරණය කරති..

උමාඔය ව්‍යාපෘතියෙන් එම ප‍්‍රදේශයන්හි ජනතාවට සිදුව ඇති අපහසුතා ගැන සොයා බැලීමට පත් කල කැබිනට් අනුකමිටුව කොලඹ සිට පමණක් එහි කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශවයේ පිරිස් කොලඹට කැදවා කරුණු සොය බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මහින්ද අමරවීර, චම්පික රණවක, විජිතමුණි සොයිසා මෙම අනුකමිටු සාමාජිකයෝ වෙති.

පසුගියදා උමාඔය නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනු ඇමති අමරවීරට එහි ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වීම නිසා ඔහු සංචාරය අතරමග නවතා දමා යන්නට ගියේය.

95 views
Main News