උමාඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ.. කැබිනට් පත්‍රිකාව මෙන්න.. හිරු බලයේදී ජවිපෙ රෙදි ලිහි සම්බෝල වේ..
July 16, 2017 at 12:15 am | lanka C news
උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය කැබිනට් අනුමැතිය සදහා යොමු කරන ලද්දේ 2005 වසරේදී වාරිමාර්ග ඇමතිවරයාව සිටි අනුර කුමාර දිසානායක මහතා විසින් බව හිරු රූපවාහිනියේ බලය වැඩසහහනේදී හෙලිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදාල කැබිනට් පත්‍රිකාව ගෙනහැර දක්වමින් එය සනාත කල අතර ඊට පිලිතුරු ලෙස ජවිපෙ නියෝජිතයා කියා සිටියේ තම නායකයා විසින් යෝජනා කලේ අද ක්‍රියාත්මක ආකාරයට නොව වෙනත් ආකාරයකට බවයි.
ඊට පිලිතුරු දුන් මන්ත්‍රී ගම්මන්පිල කියා සිටියේ ජවිපෙ තර්ක කරන්නේ ‘උමාඔය කරුමයක්’ ලෙස පවසමින් නිසා තමන් අදාල කැබිනට් පත්‍රිකාව හෙලි කල බවත් ජවිපෙ කියන්නේ උමාඔය අවශ්‍ය වුවත් එහි වැරදි නිවැරදි කිරීම නම් ප්‍රශ්නයක් නැති බවත්ය.
වීඩියෝව මෙතනින්